පළමුව - සමාගමේ නම “සීමා සහිත ඊස්‍ටර්න් ස්ටිම් පැකට් සමාගම” වේ.
දෙවනුව - සමාගමේ ලියාපදිංචි කළ කාර්යාලය කොළඹ දිස්ත්‍රික්කයේ තුළ පිහිටුවනු ලැබේ.
තුන්වනුව සමාගම පිහිටුවිමේ පරමාර්ථය මෙසේය.
මුලික පරමාර්ථ :
- සමාගම විසින් කළින් කළ නිර්ණය කරනු ලැබිය හැකි ස්ථාන අතර මගින් හා භාණ්ඩ නැව් වලින් හෝ ගෙන යාම
- සමාගමේ කාර්ය සදහා වාෂ්ප, රුවල්, මෝටර් හා වෙනත් නැව් හෝ බෝට්ටු මිලට ගැනිම හා කුලියට ගැනිම
- තටාක, ගුදම්, කම්හල්, සහ වෙනත් පහසුකම් ඉදිකිරිම හා පිහිටුවිම
අනුයාත පරමාර්ථ :
- හෝටල්, අවන්හල් හා නේවාසිකාගාර පවත්වන්නන් වශයෙන් ව්‍යාපාර කටයුතු කරගෙන යාම
- කොමිස් අනුයෝජිතයන් හා ගුදම්කරුවන් වශයෙන් ව්‍යාපාර කටයුතු කරගෙන යාම
වෙනත් පරමාර්ථ
- සෑම වර්ගයකම රැහැන්, නාවික උපකරණ, ආම්පන්න, සවි කිරිම හා අංගෝපාංග නිෂ්පාදකයන් හා වෙළදුන් වශයෙන් ව්‍යාපාර කටයුතු කරගෙන යාම
- නැව්, බෝට්ටු සහ සියලු වර්ගවල යාත්‍රා සැදිම, ඉදිකිරිම් හා අලුත් වැඩියා කිරිම
- ගැඹුරු මුහුදේ මසුන් මැරිම හා මුහුදු ආහාර ආනයන කරන්නන් හා අපනයන කරන්නන් වශයෙන‍් ව්‍යාපාර කටයුතු කරගෙන යාම
සතර වනුව - සාමාජිකයන්ගේ වගකීම සීමා සහිතය.
පස්වනුව- සමාගමේ කොටස් ප්‍රාග් ධනය, එකක් රුපියල් දෙසියක් වන කොටස් එක් දහසකට බෙදු රුපියල් දෙලකෂයකි.