සාංගමික ව්‍යවස්ථාවලිය
 

සමාගමේ අභ්‍යන්තර කළමණාකරණයට අදාළ රීති හා කොන්දේසි ඇතුළත් කෙරෙන ලියවිල්ල, සංගමික ව්‍යක්ස්ථාවලිය (articles of association)යි. මෙහි පහත දැක්වෙන කරුණු ඇතුළත් වේ.



  1. කොටස් ප්‍රාග්ධනය හා අයිතිවාසිකම් - සමාගම ලියාපදිංචි කරන අවස්ථාවේ ඇති කොටස් ප්‍රමාණය ඒවායේ නාමික අගය, කොටස් කැප අයිතිය, ඇරැයුම, පැවැරුම, ප්‍රෙෂණය, අහිමි කිරිම, කෙ‍ාටස් ස්කන්ධ බවට පත් කිරිම, ප්‍රාග්ධනය වෙනස් කිරිම පිළිබද කොන්දේසි යන කරුණු
  2. මහ සභා රැස්විම් - ඒ පිළිබද දැන්විම්, ඒවායේ කටයුතු, සාමාජිකයන්ට හිමි ඡන්ද බලය, රැස්විම්වලදි ප්‍රතියුක්තයන් (proxies) මගින් කටයුතු කිරිම යනාදි කරුණු
  3. අධ්‍යක්ෂ වරුන්, ලේකම්වරුන් පළිබද විධිවිදාන - අධ්‍යක්ෂක වරුන්ගේ සුදුසුකම් හා නොතිබිය යුතු සුදුසුකම් අධ්‍යක්ෂකවරුන්ගේ හා ලේකම්වරුන්ගේ බලතල හා කාර්ය, අධ්‍යක්ෂවරුන් පත් කිරිම හා ඉවත් කිරිම
  4. කළමණාකරණ අධ්‍යක්ෂවරයා, ලේකම්වරයා- පෞද්ගලික සමාගමක් නම් යටතේ පිරිසෙයින් එක් අධ්‍යක්ෂවරයකුද පොදු    සමාගමක් නම් දෙදෙනකු ද ජනතා සමාගමක් නම් තුන්දෙනකුද  සිටිය යුතුය. එසේම අවම වශයෙන් එක් ලේකම්වරයකු වත් සිටිය යුතුය.
  5. සමාගමේ මුද්‍රව (seal of company) පාවිච්චි කිරිම
  6. ලාභංශ හා සංචිත ( dividends and reserves)
  7. ගිණුම්කරණය හා විගණනය (accounting and auditing)
  8. ගණන් බේරා වසා දැමිම (winding up)

(c) Shilpa Sayura Foundation 2006-2017