සංගාමික සංස්ථා පත්‍රය
 

සමාගමත් භාහිර පාර්ශවයත් අතර පවත්නා සම්බන්ධතාව දක්වන ලියවිල්ල මෙයයි. සාංගමික සංස්ථා පත්‍රයක (Memorandum of association) පහත සදහන් කරුණු ඇතුළත් වේ.


අ) සමාගමේ නම - කොටස් වලින් සීමිත පොදු සමාගමක් සම්බන්ධයෙන් වන විට 


“සීමා සහිත” යන වචනය මුලින් යොදා සමාගමේ නමද කොටස් වලින් සීමිත පෞද්ගලික සමාගමක් සම්බන්ධයෙන් වන විට “සීමා සහිත” (පෞද්ගලික) යන වචනය මුලින් යොදා සමාගමේ නමද ඇපයෙන් සීමිත සමාගමක් සම්බන්ධයෙන් වන විට (ඇපයෙන්) “සීමාසහිත” යන වචනය මුලින්ම යොදා සමාගමේ නමද ජනතා සමාගමක් (peoples company) සම්බන්දයෙන් වන විට “සීමාසහිත” (ජනතා) යන වචනය මුලින්ම යොදා සම‍ාගමේ නමද සදහන් කළ යුතුය. (කෙසේ වෙතත් සීමාසහිත සමාගමක නම යෙදිමේදි “සමාගම” යන පදය යෙදිම අනිවාර්ය නොවේ.)


ආ) සමාගමේ ලියාපදිංචි කළ කාර්යාල පිහිටුවන දිස්ත්‍රික්කය


ඇ) සමාගමේ පරමාර්ථය - මෙහිදි මුලික පරමාර්ථ, (primary objective) අනුයාත (ancillary) ‍හා වෙනත් පරමාර්ථ හා වෙනත් පරමාර්ථ වෙන් වෙන් වශයෙන් සදහන් කළ යුතුය.


මුලික පරමාර්ථය යනු සමාගම් ව්‍යාපාර කටයුතු ආරම්භ කරන දින සිට වර්ෂ 5 කාල සිමාවක් ඇතුළත සමාගම විසින් ඉටුකළ යුතු යැයි සහභාගයෙන් (subscribers) හෝ ප්‍රවර්ධකයන් හෝ අදහස් කරන පරමාර්ථ වේ. ඒවා නිෂ්චිත වශයෙන්ම සදහන් කළ යුතුය. එසේ වුවද විශේෂ යෝජනාවක් (resolution) සම්මත කිරිම මගින් සංස්ථා පත්‍රයේ සදහන් පරමාර්ථය වෙනස් කළ හැකිය.


අනුපාත පරමාර්ථය යනු මුලික පරමාර්ථවලට අදාළ වුත් ව්‍යාපාර කටයුතු වලට සමීප සම්බන්ධතාවක් දක්වන්නා වුත් පරම‍ාර්ථ වේ.


වෙනත් පරමාර්ථ යනු මුලික පරම‍ාර්ථවලට සෘජු හෝ වක්‍ර හෝ සම්බන්ධතාවයක් දක්වන පරමාර්ථ වේ.


ඇ) සාමාජිකයන්ගේ වගකීම සීමා සහිත බව - සීමා සහිත සමාගමක සාමාජිකයන්ගේ වගකිම කොටස් වලට හෝ ඇපයට සීමා වන බව සදහන් කළ යුතුය. එසේම ඇපයෙන් සීමිත සමාගමක් සම්බන්ධයෙන් නම්, සමාගම ඈවර ‍කරන (liquidate) අවස්ථාවක, එහි ණය හා බැරකම් (වගකීම්) පියවිම සදහා අවශ්‍ය විය හැකි යම් නිශ්චිත ප්‍රමාණයකට වැඩි නොවු මුදල් ප්‍රමාණයක් සදහා දායක විමට එක් එක් සාමාජිකයා පොරොන්දු වන බවට සදහන් කළ යුතුය.


ඉ) කොටස් ප්‍රාග්ධනය :



  1. සමාගම ලියාපදිංචි කිරිමට අදහස් කරන්නේ කවර ප්‍රමාණයේ ප්‍රග්ධනයක් ඇතිවද යන්න එය කොපමණ වටිනාකමකින් යුත් කොතරම් කොටස් සංඛ්‍යාවකින් සමන්විත‍ වේද යන්නත් සදහන් කළ යුතුය.
  2. සංස්ථා පත්‍රයට අත්සන් තැබු සෑම සහභාගයකු විසින්ම යටත් පිරිසයින් කොට‍ස් එකක්වත් ගත යුතුය.
  3. එක් එක් සහභාගයා ගත් කොටස් ගණන ඔහුගේ නම ඉදිරියෙන් සදහන් කළ යුතුය.

සාංගමික සංස්ථා පත්‍රයේහි නියමිත වටිනාකමින් යුත් අවලංගු නොකළ මුද්දර අලවා සමාගමක් වශයෙන් ක්‍රියා කරන බව ප්‍රකාශ කරමින් සියලු ම සහභාගයන් ප්‍රසිද්ධ නොතාරිස් වරයකු (notary public) ඉදිරියේ අත්සන් තබා ඔහු ලවා සහතික කරවා ගතයුතය. පොදු සමාගමක නම් අවම වශයෙන් හත් දෙනකුද පෞද්ගලික සමාගමක නම් අවම වශයෙන් දෙදෙනකු ද ජනතා සමාගමක නම් අවම වශයෙන් පනස් දෙනකු ද මේ ලියවිල්ලට (document) අත්සන් කළ යුතය.

(c) Shilpa Sayura Foundation 2006-2017