කොටස් පැවැරිමේ අයිතිය සමාගම් පනතින් සීමා නොකෙරෙන, අවම වශයෙන්සමාජිකයන් 7 කු වත් සිටිය යුතු එහෙත් උපරිම සාමාජික සංඛ්‍යාව පිළිබද සීමාවක් පනවා නැති කොටස් හෝ සෘණ පත් හෝ සදහා සහභාගිවිමට මහජනයාට ප්‍රසිද්ධියේ ඇරයුම් කළ හැකි, වගකීම් සීමා සහිත නීතිමය පුද්ගල භාවයක් ඇති ව්‍යාපාර සංවිධාන වර්ගය සීමා සහිත පොදු සමාගම් ලෙස හැදින් විය හැකිය.
මේ අනුව, සීමා සහිත පොදු සමාගමක කළින් සදහන් කළ සීමාසහිත සමාගම් වල පොදු ලක්ෂණ වලට අමතරව පහත සදහන් පොදු ලක්ෂණද දැකිය හැකිය.
- අයිතිය - කොටස් හිමියන් සතුය. කොටස් මිලට ගැනිම මහජනයාට ප්‍රසිද්ධියේ ඇරයුම් කළ හැකිය. එමෙන්ම භාදාවකින් තොරව කොටස් පැවැරිම කළ හැකිය.
- කොටස් හිමියන්ගේ සංඛ්‍යාව - අවමය 7 කි. උපරිමය සම්බන්ධයෙන් සීමාවක් සමාගම් පනතේ දක්වා නැත. ප්‍රග්ධනය - කොටස් ප්‍රග්ධනය කොටස් හිමියන් විසින් සැපයෙයි. සෘණ පත්‍ර නිකුත් කිරිම මගින් භාහිර පාර්ශවවලින් ණය ප්‍රග්ධනය ලබා ගත හැකිය.
- පරිපාලනය - කොටස් හිමියන් ගේ අභීමතය පරිදි තෝරා පත් කෙරෙන අධ්‍යාක්ෂක මණ්ඩලයක් (board of director) වෙත පැවැරෙයි. සමාගම් පනත අනුව අවම වශයෙන් අධ්‍යක්ෂවරුන් දෙ දෙනකු වත් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටිය යුතුය.
- සීමා සහිත සමාගමක් පිහිටුවිම හා ලියා පදිංචි කිරිම
සමාගමක් පිහිටුවිමට අදහස් කරන්නවුන් විසින් පලමුවෙන්ම කළ යුත්තේ සමාගම පිහිටුවිමට අදාල මුලික කටයුතු කිරිමයි. ඒවා අතර ව්‍යාපාරයේ ස්භාවය, වර්ගය, පරමාර්ථ, ප්‍රාග්ධනය යනදිය කරුණු කෙරෙහි අවදානය යොමු කිරිම වැදගත් වේ. ඒකි කටයුතු සදහා මුල්වි ක්‍රියා කරන පුද්ගලයෝ සමාගමේ ප්‍රවර්ධකයන් (promoters) ලෙස හැදින්වෙති. ප්‍රවර්ධකයන් විසින් කළ යුතු ප්‍රධානතම කාර්ය ය වන්නේ සමාගම සදහා නමක් තිරණය කර එය සමාගම රෙජිස්‍ට්‍රාර් (register of companies) ලවා අනුමත කරවා ගැනිමයි. එය ව්‍යාපාරයක් විසින් දැනටමත් භාවිතා කෙෙරන නමක් නොවිය යුතුය. මෙහිදි ජනාධිපති, නාගරික,සංස්ථාගත,සමුපකාර සමිතිය, රාජ්‍ය හෝ ශ්‍රි ලංකා යන වචන සමාගමක නම හා යෙදිමට සාමාන්‍යයෙන් අනුමැතිය නොලැබේ. සමාගමේ නම අනුමත කරවාගත් පසු සමාගම ලියාපදිංචි කර ගැනිම සදහා පහත සදහන් ලියිවිලි සමාගම් රෙජිස්‍ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතුය.