සංස්ථාපිත සමාගම් වර්ග
 

සීමාසහිත පෞද්ගලික සමාගම්


කොටස් පැවැරිමේ අයිතිය සීමා කෙරෙන, සාමාජිකයන්ගේ අවම සංඛ්‍යාව දෙකකටද සමාගමේ සාමාජිකත්වය අතීත හෝ වර්තමාන හෝ සේවකයන් හැරුණු විට උපරිම සංඛ්‍යාව පනහකටද සීමා වන, සමාගමේ කොටස් හෝ සෘණ පත්‍ර/ ණය කර (debentures) හෝ මිලට ගැනිම සදහා සහභාගි විම පිණිස මිලට ගැනිම සදහා සහභාගි විම පිණිස මහජනයාට ඇරයුම් කළ නොහැකි, වගකීම සීමා සහිත, නීතිමය පුද්ගල භාවයක් ඇති ව්‍යාපාර සංවිධාන වර්ගයක් ලෙස සීමා සහිත පෞද්ගලික සමාගම් හැදින්විය හැකිය. මේ අනුව සීමා සහිත පෞද්ගලික සමාගමක පහත සදහන් විශේෂ ලක්ෂණ දැකිය හැකිය.



  • අයිතිය - කොටස් හිමියන් සතුය. කොටස් බාහිර පාර්ශවයකට පැවැරිම සමාගම් පනතින් සිමාකර ඇත. යම් හෙයකින් භාහිර පාර්ශවයකට කොටස් පවරන්නේ නම්, එසේ කළ හැක්කේ ඒ අවස්ථාවේ සිටින සියලුම කොටස් හිමියන්ගේ කැමැත්ත මතය.
  • කොටස් හිමියන්ගේ සංඛ්‍යාව -අවමය දෙකකි.උපරිමය කෙ‍ාටස් හිමියන් වි සිටින අතීත හෝ වර්තමාන හෝ හැරුණුවිට පනහකි.
  • ප්‍රග්ධනය - කෙ‍ාටස් හිමියන් විසින් සැපයෙයි. කොටස් හෝ සෘණපත් හෝ ප්‍රසිද්ධියේ විකිණිම මගින් මහජනයාගේ අරමුදල් (funds) ලබාගත නො හැකිවේ.
  • වගකීම - කො‍ටසින් සීමා සහිත සමාගමක්, පොදු හෝ පෞද්ගලික වුවද එහි කොටස් හිමියන්ගේ වගකිම සීමා වන්නේ මිලට ගත්කොටස් සදහා ඔවුන් එතෙක් ගෙවා නැති මුදල් ප්‍රමාණයටය. ඇපයෙන් සීමාසහිත සමාගමක නම් පෞද්ගලික හෝ පොදු හෝ වුවද සමාගම් නිමකරන අවස්ථාවේදි එහි වගකීම සම්බන්ධයෙන් සාමාජිකයන්ගේ බැදිම සීමා වන්නේ පොරොන්දු වු යම් මුදල් ප්‍රමාණයක් තෙක් පමණි.
  • පරිපාලන - සමාගම් පනත අනුව අවම වශයෙන් එක් අධ්‍යක්ෂක (director) වත් සිටිය යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017