සංස්ථාපිත සමාගම්
 

ඒක පුද්ගල ව්‍යාපාරයකට හෝ හවුල් ව්‍යාපාරයකට‍ හෝ මහාපරිමාණ ව්‍යාපාර ආරම්භ කිරිමට ඇති හැකියාව අඩුය. විශේෂයෙන් ම විශාල ප්‍රාග්ධනයක් ලබා ගැනිමට ඇති ඉඩ ප්‍රස්ථාව මද විම, නීතිමය පුද්ගල භාවයක් ( Legal entity) නොතිබිම, අඛණ්ඩ පැවැත්මක් නොමතිවිම, පරිපාලන කාර්යක්ෂමතාව ප්‍රමාණවත් නොවිම, යන ආදි හේතුන් නිසා මහා පරිමාණ ව්‍යාපාර සාර්ථක ලෙස කරගෙන යාමට ඒකි ව්‍යාපාරවලට අපහසු වී තිබේ. ඒදුර්වලතා මග හැර ගැනිමට ඉවහල් වන සංවිධාන වර්ගයක් ලෙස ස්ථාපිත සමාගම් (incorporated companies) සැළකේ. ස්ථාපිත සමාගම් මුලික වශයෙන් කොටස් දෙකකට පහත සදහන් අයුරු බෙදිය හැකිය.



අ). සීමා සහිත සමාගම්
ආ). සීමාරහිත සමාගම්

සීමාසහිත සමාගම් (limited companies) කොටසින් සීමා සහිත සමාගම් (companies limited by shares) ද ඇපයෙන් සීමා සහිත සමාගම් (companies limited by guarantee) ද යනුවෙන් දෙයාකාරය.


කොටසින් සීමිත සමාගම් යනුවෙන් අදහස් කරන්නේ, කොටස් හිමියන්ගේ වගකීම ඔහු මිලට ගත් කොටස් වල නාමික අගයට පමණක් සීමා වන සමාගම්ය.


විසුරුවාහරින අවස්ථාවකදි සමාගමේ වගකීම පියවිම සදහා යම් නිශ්චිත මුදල් ‍ප්‍රමාණයක් තෙක් ගෙවිමට බැදි සිටින සාමාජිකයන්ගෙන් යුත් සමාගම්, ඇපයෙන් සීමා සහිත සමාගම් වේ.


වගකීම සම්බන්ධයෙන් සාමාජිකයන්ගේ බැදිම් අසීමිත වන සමාගම් සීමාරහිත සමාගම් වේ.


කෙ‍‍ාටසින් සීමාසහිත සමාගම් සිමාසහිත පෞද්ගලික සමාගම් (private companies) ද සීමාසහිත පොදු සමාගම් (publish companies) ද යනුවෙන් වර්ග කළ හැකිය.


ශ්‍රි ලංකාවේ සමාගම් පිහිටුවිම සම්බන්ධයෙන් මෙකල බලපාන්නේ 1982 අංක 17 දරණ සමාගම් පනත (companies Act) යි.


සංස්ථාපිත සමාගම් ක්‍රමයේ පහත දැක්වෙන පොදු ලක්ෂණ ඇත.



  • නීතිමය පුද්ගලභාවය - නීතිමය පුද්ගල භාවයක් ඇත. එයින් අදහස් කරන්නේ නීතිය ඉදිරියේ අයිතිකරුවන්ගේ වෙන්වු පුද්ගලයකු‍ ලෙස සමගමට එරෙහි භාහිර පාර්ශවයක් නඩු පවරත්නම් එලෙස කළ යුත්තේ කොටස් හිමියන්ගේ නම් වලින් නොව සමාගමේ නමින් ය. සම‍ාගම වෙනත් පාර්ශවයකට එරෙහිව නඩු පවරත්නම් ‍ඒ ලෙස කළ යුත්තේ ද සමගමේ නමිනි. එමෙන්ම දේපොළ මිලට ගැනිම, විකිණිම, බදුගෙවිම ආදි ක‍ටයුතු කළ යුත්තේද සමාගමේ නමිනි.
  • ලාභලාභ බෙදිම - කොටස් හිමියන් (share holders) යෙදු කොටස් ප්‍රාග්ධනයට සමානුපාතිකව ලාභලාභ බෙදනු ලැබේ.
  • ගිණුම් තැබිම හා විගණනය - ගිණුම් තැබිමත් වාර්ෂිකව ගිණුම් වාර්තා පිළියෙළ කිරිමත් ගිණුම් විගණනයත් සමාගම් පනතින් අනිවාර්ය කෙ‍‍ෙර්.
  • පැවැත්ම - පැවැත්ම අඛණ්ඩය. කොටස් හිමියන්ගේ අයිතිය වෙනස් වුවද සමාගමේ ස්ථිර පැවැත්ම කෙරෙහි එයින් කිසිදු බලපෑමක් ඇති නොවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017