බද්ධ ව්‍යාපාර
 

යම් නිශ්චිත කාර්යයකට පමණක් සීමා වු හවුල් ව්‍යාපාර විශේෂයක් ලෙස මෙය සැළකිය හැකිය. ලාභ ලැබිමේ අපේක්ෂාවෙන් පුද්ගලයන් දෙදෙනකු හෝ වැඩි දෙනකු යම් ව්‍යාපාර කටයුත්තක නියලීම සදහා ආරම්භකර ඇති කෙටිකාලින ව්‍යාපාරයක් බද්ධ ව්‍යාපාරයක් (Joint Venture) වේ. මේ සදහා ව්‍යාපාර නාමයක් බොහෝ විට භාවිතා නොකෙරේ. එසේම මේවා බොහෝ විට ආරම්භ කරන්නේ වාචික ගිවිසුමක් මතය. අපේක්ෂිත කාර්ය අවසන් වු විට බද්ධ ව්‍යාපාරයද අවසන් වේ. මේවා තවකාලික හවුල් ව්‍යාපාර ලෙස සැළකිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017