ව්‍යාපාරයකට සහභාගි වන හවුල්කරුවන්ගේ ස්භාවය, වගකිම, බලතල, (authority/ powers) අයිතිවාසිකම් (rights) යනාදි පදනම් කරගෙන හවුල්කරුවන් කොටස් කිහිපයකට පහත සදහන් අයුරින් බෙදිය හැකිය.
සාමාන්‍ය (අසීමිත හවුල්කරු)
හවුල් ව්‍යාපාරයේ ණය සදහා සිය පුද්ගලික දේපල පවා කැප කිරිමට බැදි සිටින හවුල්කරු මේ නමින් හැදින්වේ. ඔහුට ව්‍යාපාරයේ සියලුම කළමණාකරණ කටයුතු ක්‍රියාශිලිව සහභාගි විමට අයිතිය ඇත. අලුත් හවුල්කරුවන් බදවා ගැනිම කෙරෙහි ඔහුගේ කැමැත්ත ලබාගත යුතු අතර, ඔහු බුන්වත් විම, ඔත්පල වීම, මිය යාම යනාදි හවුල් ව්‍යාපාර විසුරුවා හැරිමට (dissolution) වුවද හේතු විය හැකිය.
සීමිත හවුල්කරු
යම් හෙයකින් ව්‍යාපාරයක් බුන්වත් වුවහොත් එහි ණය ගෙවිම සදහා තමන් යෙදු සම්පුර්ණ ප්‍රග්ධනය වුවද කැප කිරිමට බැදි සිටින හවුල්කරු සීමිත (limited) හවුල්කරු වේ. මොහුට ව්‍යාපාරයේ කළමණාකරණ කටයුතුවලට සහභාගිවිමට සාමාන්‍ය අයිතියක් නැත. එමෙන්ම හවුල් ව්‍යාපාරය වෙනුවෙන් ගිවිසුම් වලට එළඹිමටද බලයක් නැත. ඔහු යෙදු ප්‍රාග්ධනය හෝ ඉන් කොටසක් හෝ ආපසු ගන්නේ නම් සෙසු හවුල්කරුවන්ගේ අනුමැතිය ලබා ගත යුතුය. ඔහු බුන්වත් විම, ඔත්පල විම, මිය යාම ආදිය නිසා හවුල් ව්‍යාපාර විසුරුවා හැරිම අවශ්‍ය නොවේ.
සක්‍රිය හවුල්කරු
හවුල් ව්‍යාපාරයේ කළමණාකරණ කටයුතු වලට ක්‍රියාශිලිව නියලෙන හවුල්කරු සක්‍රය (active) හවුල්කරු නමින් හැදින්වේ.
අක්‍රිය හවුල්කරු
හවුල් ව්‍යාපාරයකට ප්‍රාග්ධනය යොදා, ලාභයෙන් කොටසක් භුක්තිවිදින නමුදු, කළමණාකරණ කටයුතුවල නිරත නොවන හවුල්කරු අක්‍රිය (dormant/sleeping) හවුල්කරු වේ. ඔහු හවුල්කරුවකු බව මහ ජනයා නොදනි.
නාමමාත්‍ර හවුල්කරු
හවුල් ව්‍යාපරයට ප්‍රාග්ධනය නොයොදා, තම කීර්තිනාමය (goodwill) පමණක් ව්‍යාපාර වෙනුවෙන් යොදන හවුල්කරු නාමමාත්‍ර (nominal) හවුල්කරු වේ. මෙලෙස ව්‍යාපාර, වෘත්තිය, (professional) සාමාජීය වශයෙන් කීර්තියක් උසුලන පුද්ගලයන් නාම මාත්‍ර හවුල්කරුවන් ලෙස බදවාගනු දැකිය හැකිය.
නිහඩ හවුල්කරු
ව්‍යාපාරයට ප්‍රාග්ධනය යොදා ලාභලාභ භුක්තිවිදින, එහෙත් ව්‍යාපාරයේ කටයුතුවලට සහභාගි නොවන හවුල්කරු නිහඩ (silent) හවුල්කරු වේ. ඔහු හවුල්කරුවකු බව මහජනයා හොදාකාරවම දනි.
රහස්‍ය හවුල්කරු
හවුල් ව්‍යාපාරයකට ප්‍රාග්ධනය යොදා පරිපාලන කටයුතු වල යෙදෙන මොහු සාමාන්‍ය හවුල්කරුවකුට බෙහෙව්න් සමානය. එහෙත් හවුල්කරුවකු බව මහජනයාට නොදැනෙන ආකාරයට ඔහු ක්‍රියා කරයි. ඔහු හැදින්වෙන්නේ රහස්‍ය ( ( secret) හවුල්කරු නමිනි.
ආරුඨ හවුල්කරු
හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රම ලැබුවද තමාට අයත් මුදල තවදුරටත් එම ව්‍යාපාරයෙහිම රදවා තබා, ව්‍යාපාරය ලබන ලාභ අනුව වෙනස් පොළියක් ලබන, ව්‍යාපාරයේ ණය සම්බන්ධයෙන් වගකීමට බැදෙන හවුල්කරු ආරුඨ (quasi) හවුල්කරු වේ.
