හවුල් ව්‍යෘපාර මුහුණපාන ගැටලු
 

හවුල්කරුවකුගේ වගකිම සීමා රහිත නිසා ව්‍යාපාරයේ ණය ගෙවිම නිසා ව්‍යාපාර වත්කම් ප්‍රමාණවත් නොවන අවස්ථාවකදි ඔවුන්‍ ගේ පුද්ගල දේපල පවා කැප කිරිමට සිදුවිය හැකිය. මේ අනුව හවුල්කරුවෝ දැඩි ව්‍යාපාර අවදානමක‍ට මුහුණපාති.


හවුල්කරුවන් අතර පැනනගින උග්‍ර මත භේද හවුල්කරුවකු ඉවත්ව යෑම, හවුල්කරුවකුගේ වැරදි ක්‍රියා කලාපය, හවුල්කරුවකු‍ෙග් මරණය යන ආදි නිසා පවුලේ පැවැත්ම බොහෝ විට අඩාල විය හැකිය. එය ඇතැම් විට ව්‍යාපාර වසා දැමිමට වුවද හේතු විය හැකිය.


යම් හවුල්කරුවකුට තම අයිතිය විකිනිමට හෝ පැවැරිමට හෝ අවශ්‍ය වුවහොත් සෙසු හවුල්කරුවන්ගේ අනුමැතිය නොමතිව එසේ කිරිමට නුපුළුවන. එබැවින් හවුල්කරුවකුට තම අභිමතය (discretion)පරිදි අයිතිය පැවැරිමට හැකියාවක් නැත.


හවුල් ව්‍යාපාරයක පවත්නා ඉහත කී දුෂ්කරතා නිසා භාහිර පාර්ශව වලින් ණය ප්‍රග්ධනය (lone capital) ලබා ගැනිම බොහෝ විට අපහසු විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017