ඒක පුද්ගල ව්‍යාපාරයක් මෙන්ම හවුල් ව්‍යාපාරයන්ද ලියාපදිංචි කළ යුත්තේ 1918 ව්‍යාපාර අඥාපනත යටෙත්ය. ලියාපදිංචි කිරිමකින් තොරව වුවද හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම නිතියෙන් අවහිරයක් නැත එහෙත් එසේ නැතිව වෙනත් නමකින් හවුල් ව්‍යාපාරය පවත්වාෙගන යන්නේ නම් ව්‍යාපාරය ආරම්භ කර දින 14 ඇතුළත ලියාපදිංචි කිරිම අනිවාර්ය වේ. හවුල් ව්‍යාපාර ලියාපදිංචි කරන විට සියලුම හවුල්කරුවන්ගේ විස්තර අයදුම් පතේහි ඇතුළත් කර, ඔවුන් සියලු දෙනා එහි අත්සන් තැබිය යුතුය. අයදුම්පතෙහි ඇතුළත් තොරතුරු සත්‍ය හා නිවරැදි බව සමාධාන විනිශ්චකරුවකු ඉදිරියේ දිවුරුම් ප්‍රකාශයක් කළ හැකිනම් අයදුම් පතෙහි එක් හවුල් කරුවකු පමණක් අත්සන් කිරිම ප්‍රමාණවත්ය. ලියාපදිංචි කිරිම සදහා අයදුම්පත නියමිත ගාස්තුව සමග අදාල බළධාරියා වෙත ඉදිරිපත් කළ යුතුය.
