හවුල් ව්‍යාපාරයක මුලික ලක්ෂණ
 

හවුල්කරුවකු‍ෙග් අයිතිය - හවුල් ව්‍යාපාරයක අයිතිය හවුල් කරුවන් සතුය. සිටිය යුතු හවුල්කරුවන්ගේ අවම ප්‍රමාණය දෙකකි. උපරිමය විස්සකි.


ප්‍රාග්ධනය - හවුල් ව්‍යාපාර අඥා පනත අනුව කටයුතු කරන්නේ නම් හවුල් කරුවන් ප්‍රග්ධනය සම සමව යෙදිය යුතුය. එසේ නැතිව හවුල් ගිවිසුමක් අනුව කටයුතු කරන්නේ නම් ඔවුන් ගිවිසගත් ආකාරයට ප්‍රාග්ධනය සැපයිය යුතුය. එය මුදලින් හෝ වත්කම්වලින් හෝ සැපයිය හැකිය.


පරිපාලනය - හවුල්කරුවන්ගේ එකගත්වය මත හවුල් ව්‍යාපාරයේ පරිපාලනයට හවුල්කරුවන් සියලු දෙනාටම හෝ ඹවුන්ගෙන් කිහිප දෙනකුට හෝ එක්කෙනෙකුට හෝ සහභාගි විය හැකිය. ව්‍යාපාර කටයුතු පිළිබද තීරණ බොහෝ විට ගනු ලබන්නේ සියලුම හවුල්කරුවන්ගේ කැමත්ත ඇතිවය.


වගකීම - හවුල්කරුවකු‍ෙග් වගකීම (liability) සිමා රහිතය. හවුල් ව්‍යාපාරය බංකොලොත් (bankrupt) වුවහොත් ‍ව්‍යාපාරයේ වගකීම සම්බන්ධයෙන් තම පුද්ගල දේපොළ පවා කැපකිරිමට සිදු වේ. මේ වගකිම තනිතනිවම මෙන්ම සාමුහික ද දැරිය යුතුය. මේ අනුව යම් හවුල්කරුවකු බුන්වත් වුව හොත් ඔහුට අදාල වගකිම් සෙසු හවුල්කරුවන් විසින් දැරිය යුතුය.


නෛතික තත්ත්වය - හවුල් ව්‍යාපාරයක් 1918 ව්‍යාපාර නාම අඥාපනත යටතේ ලියාපදිංච් කරනු ලැබුවත් එයට ද ඒක පුද්ගල ව්‍යාපාරයක් මෙන්ම නීතිමය පුද්ගල භාවයක් නැත. එයින් අදහස් ක්රන්නේ හවුල් ව්‍යාපාරයකට නීතිය ඉදිරියේ පුද්ගලයකු ලෙස පෙනි සිටිය නොහැකි බවයි. හවුලකට විරුද්ධව නඩුවක් පවරනු ලැ‍බිමේදි එසේ කළ යුත්තේ හවුල්කරුවන්‍ ගේ පුද්ගල නම්වලට එ‍රෙහිව ය. ‍එසේම හවුලක් භාහිර පාර්ශවයකට විරුද්ධව නඩු පැවැරිය යුත්තේ ද හවුල්කරුවන්ගේ පුද්ගල නම් වලින් මිස ව්‍යාපාරයේ නමින් නොවේ. ඒ හැර ව්‍යාපාරයේ ආදයම් මත බදු ගෙවිය යුතු නම් ‍එසේ ගෙවිය යුත්තේ ද හවුල් ව්‍යාපාරයේ නමින් නොවේ හවුල්කරුවන්ගේ පුද්ගල නම්වලිනි.


ගිණුම් තැබිම - ඒක පුද්ගල ව්‍යාපාරය ක මෙන්ම හවුල් ව්‍යාපාරයක ද ගිණුම් තැබිම (accounting) අනිවාර්ය නොවේ. එසේ වුවද ලාභ ලාභ බෙදා ගැනිම, බදු ගෙවිම, ව්‍යාපාරයේ කටයුතු පාලනය කිරිම යනාදි ගනුදෙනු ස‍ටහන් කිරිම වැදගත් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017