හවුල් ව්‍යාපාරයක් පුද්ගලයන් කිහිප දෙනකු අතර පවත්නා සම්බන්ධතාවයක් බැවින් එය පහත දැක්වෙන කවර හෝ ආකාරයකින් ආරම්භ කළ හැකිය.
- හවුල්කරුවන්ගේ හැසිරිම (conduct) හෙවත් ඇගවිමෙන්
- හවුල්කරුවන්ගේ වාචික එකගත්වයෙන් (verbal agreement)
- හවුල්කරුවන් අතර ඇති කරගන්නා ලිඛිත ගිවිසුමකින් (written)
හවුල් කරුවන්ගේ ක්‍රියා කලාපය අනුව ඔවුන් හවුල් ව්‍යාපාර වලට එළඹි ඇති බව හැගවෙන්නේ නම් එය හැගවිමෙන් ඇති වු හවුල් ගිවිසුමක් (partnership agreement) වේ. හවුල් කරුවන් කටවචනයෙන් ඇති කරගත් ගිවිසුමක් අනුව ව්‍යාපාර කටයුතු පවත්වාෙගන යන්නේ නම් එය වාචිකව ඇති කර ගත් හවුල් ගිවිසුමකි. හවුල්කරුවන් සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙනයන ආකාරය පිළිබද ලියවිල්ලක් මගින් ගිවිසුමකට එළඹි ඇති විට රය ලිඛිතව ඇතිකරත් හවුල් ගිවිසුමක්වේ. එහෙත් ශ්‍රි ලංකාවේ දැනට ක්‍රියාත්මක වන වංචා වැළැක්විමේ අඥා පනතට අනුව රුපියල් එක්දහකට වැඩි ප්‍රග්ධනයක් ඇති ව ආරම්භ කරන ලද හවුල් ව්‍යාපාර සදහා ලිඛිත ගිවිසුමකට අනිවාර්යෙන් එළබිය යුතුය. හවුල් ව්‍යාපාර පවත්වාගෙන යාමේදි ලිඛිත ගිවිසුමක් තිබිය යුතු යැයි නිගමනයක් නැතත් ලිඛිත ගිවිසුමක් ඇති කර ගැනිම වඩාත් යෝග්‍ය වේ.
ව්‍යාපාරයේ ස්භාවය, පරමාර්ථය, නම සහ ලිපිනය, පිහිටුවන ලබන ස්ථානය, ප්‍රාග්ධනය සැපයිම, ලාභලාභ බෙදා ගැනිම, හවුල නිම කිරිම, හවුල්කරුවන්ගේ හිමිකම් නිරවුල් කරගන්නා ආකාරය යන ආදි කරුණු හවුල් ගිවිසුමෙන් සාමාන්‍යායන් ඇතුළත් විය යුතුය. ලිඛිත හවුල් ගිවිසුමක් සකස්කර, සියලුම හවුල්කරුවන්ගේ අත්සන් තැබිමෙන් පසුව එය නිත්‍යානුකූල (legal) ගිවිසුමක් බවට පත් වේ මෙයට හවුල් ඔප්පුව (deed of partnership)යැයිද කියනු ලැබේ.
ලිඛිත ගිවිසුමකින් තොරව වුවද හවුල් ව්‍යාපාරයක් ආරම්භ කළ හැකිය. ඒකි ව්‍යාපරයක කටයුතු කළ යුත්තේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත මගින් හවුල් කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කෙරේ. ඒ අඥා පනතේ ඇතුළත් වැදගත් කරුණු කිහිපයක් පහත දැක්වෙ.
- ලාභලාභ සමසමව බෙදාගත යුතුය. හවුල් කරුවන් සියලු දෙනාටම හවුල් ව්‍යාපාරයේ කටයුතු වලට සහභාගි විය හැකි නමුත් ඒ සදහා ගෙවිමක් ලබාගත නොහැකිය.
- ප්‍රාග්ධන සදහා පොළියක් හිමි නොවන අතර ඒ ප්‍රග්ධනයට අතිරේකව ව්‍යාපාරයට යොදන ණය මුදලක් වුවහොත් එය වෙනුවෙන් 5%ක වාර්ෂික පොළියක් ගෙවිය යුතුය.
- අලුත් හවුල්කරුවකු බදවා ගැනිමේදි ඒ සදහා සියලුම හවුල්කරුවන්ගේ කැමැත්ත ලබා ගත යුතුය.
- ව්‍යාපාරයේ ගිණුම් පොත් හවුල්කරුවන්‍ට පරික්ෂා කිරිමට ඉඩ ප්‍රස්ථා තිබිය යුතුය.
