හවුල් ව්‍යාපාර කොටස් 2 කට බෙදිය හැකිය.
සිමාසහිත හවුල් ව්‍යාපාර - සිමාසහිත හවුල් ව්‍යාපාරයක් යනු යටත් පිරිසයින් අසීමිත වගකිම් දරන එක් සීමාරහිත (සාමාන්‍ය) හවුල් කරුවකු (unlimited/ ordinary partner) වත් සිටිය යුතු ව්‍යාපාරිකයකි. සීමා රහිත හවුල්කරුවකුගේ වගකිම් අසීමිත වන අතර ව්‍යාපාරයේ ණය සම්බන්ධයේන සිය පුද්ගලික දේපල පවා කැප කිරිමට ඔහුට සිදුවිය හැකිය. එහෙත් සීමා සහිත හවුල්කරුෙග් ඔහු යෙදු ප්‍රග්ධනයට පමණක් සීමා වේ. එකි හවුල් ව්‍යාපාර ශ්‍රි ලංකාවේ පවත්නා බවක් නොපෙනේ.
සීමාරහිත හවුල් ව්‍යාපාර (සාමන්‍ය හවුල් ව්‍යාපාර) මේ වර්ගයේ හවුල් ව්‍යාපාරයක සෑම හවුල්කරුවකුගේම වගකිම් සීමා රහිත වේ. ව්‍යාපාරයේ ණය සම්බන්ධයෙන් තමන් සතු පුද්ගල දේපල පවා කැප කිරිමට මේ හවුල් කරුවෝ බැදි සිටිති. ශ්‍රි ලංකාවේ දැකිය හැක්කේ මෙකි හවුල් ව්‍යාපාරය. අප මෙහි දි සාකච්ඡා කරන්නේ ඒ ව්‍යාපාර සම්බන්ධයෙනි.
