පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන
 

අයිතිය තනිපුද්ගලයකු සතු ව්‍යාපාර මේ ගණයට අයත් වේ. ව්‍යාපාර ලෝකයේ බෙහෙවින්ම දක්නට ඇත්තේ ඒක පුද්ගල ව්‍යාපාරය. එයට හේතුව ඒක පුද්ගල ‍ව්‍යාපාර ආරම්භ කිරිමත් පවත්වාගෙන යැමත් දැඩි නීති රීති වලින් තොරව කළ හැකි විමයි. ඒවායේ මුලීක ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ප්‍රග්ධනය මෙය අයිතිකරුගේ ඉතුරුම්ද වෙනත් මාර්ගවලින් ලබා ගත හැකි අරමුදල්ද මත රදා පවති. එබැවින් ව්‍යාපාර ආරම්භ කිරිම සිදු වන්නේ බොහෝ විට සුළු ප්‍රග්ධන ප්‍රමාණයකිනි.

තීරණ ගැනිම - අයිතිකරු බොහෝ විට තනිවම කරයි. ව්‍යාපාරයේ අරමුණ හා ස්භාවය, පිහිටුවන ස්ථානය, සහයවන්නේ කවුරුන්ද යන ආදිය ‍එලෙස තීරණයවන කරුණු වේ.


ලාභලාභ - අයිතිකරු තනිවම භුක්තිවිදියි. ලාභලාභ රදා පවතින්නේ ‍ඔහු ගන්නා තීරණ ව්‍යාපාර කටයුතු පිළිබද දක්වන උනන්දුව, ඔහුගේ කුසලතාව ආදි කරුණු මතය.


වගකීම - අසීමිතය. ව්‍යාපාරයේ සියලුම ණය සම්බන්ධයෙන් තනිවම වගකීමට අයිතිකරු බැදේ. ව්‍යාපාරය අසාර්ථක වුවහොත් ණය පියවිමට‍ ඔහුගේ පුද්ගලික දේපල පවා කැපකිරිමට සිදු විය හැකිය.


පැවැත්ම - අඛණ්ඩ නොවේ. එයට‍ හේතුව අයිතිකරු බුන්වත් විම (insolvency) ඔත්පල විම ආදි හේතු නිසා ව්‍යාපාරය වැසි යාමට ඉඩ තිබිමයි.


ඉහත කි කරුණු වලට අමතරව ව්‍යාපාර ලියාපදිංචි කිරිම අනිවර්ය නොවිම, ව්‍යාපාරයේ නමින් ආදායම් බදු ගෙවිම අවශ්‍ය නොවිම ගිණුම් තැබිම හා විගණනය අනිවාර්ය නොවිම යන ආදි ලක්ෂණද දැකිය හැකිය. කෙසේ හෝ ව්‍යාපාරිකයා‍ෙග් නම නොයොදා වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වා‍ෙගන යන්නේ නම් ‍1918. ව්‍යාපාර නාම අඥා පනත (business names ordinance) යටතේ එය ලියා පදිංචි කිරිම අනිවාර්ය වේ. ඒ හැර ව්‍යාපාර කෙරෙහි පොදුවේ බලපාන පාරිභෝගිකයන් ආරක්ෂා කිරිමේ පනත (consumer protection Act) සේවක අර්ථසාධක අරමුදල් පනත (employees provident fund Act) සාප්පු හා කාර්යාල සේවක පනත (shop and office employees Act) ආදියට මෙන්ම ඇතැම් ව්‍යාපාර සම්බන්ධයෙන් රජය පනවා ඇති නීති රීති වලටද ව්‍යාපාරය කරගෙනු යන ලබන ප්‍රදේශයේ පළාත් පාලන ආයතන පනවා ඇති අතරු නීතිරිතිවලට (by-laws) ද අනුකූල ව ක්‍රියා කිරිම අවශ්‍ය වේ.


ඇරඹිම පහසුවිම, ලාභ තනිවම භුක්ති විදිය හැකි විම, සුළු ප්‍රග්ධනයකින් වුවද ආරම්භ කළ හැකිවිම, තීරණය ඉක්මනින් ගත හැකි විම, ගිණුම් තැබිම හා විගණනය අනිවාර්ය ‍නොවිම, ව්‍යාපාරය පහසුවෙන් අවසන් කළ හැකි විම,පවුලේ සමාජිකයන්ගේ සහය ලබා ගත හැකිවිම, නිවසේ කොටසක වුවද පවත්වා‍ෙගන යා හැකි විම යන ආදි වාසි ඒක පුද්ගල ව්‍යාපාර වල දැකිය හැකිය.


අලාභයක් වුවහොත් එය තනිවම විද දරා ගැනිමට සිදු විම. පැවැත්ම අඛණ්ඩ නොවිම වගකීම අසීමිත වීම, නීතිය ඉදිරියේ පුද්ගලයකු ලෙස ‍නොපිලිගැනිම, තනිවම ගන්නා තීරණය නිතරම නිවරදි නොවිය හැකි විම, ප්‍රමාණවත් ප්‍රග්ධනයක් තනිවම සොයා ගැනිම දුෂ්කර විය හැකි විම, ගිණුම් තැබිම අනිවාර්ය නොවිම‍ හේතුවෙන් පැන නැගිය හැකි දුර්වලතා යන ආදිය එක පුද්ගල ව්‍යාපාරයක දක්නට ලැබෙන අවාසි වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017