ශ්‍රි ලංකාවේ ඇති ව්‍යාපාර සංව්ධාන (business organization ) ප්‍රධාන අංශ හතරක් යටතේ වර්ග කල හැකිය.
- පෞද්ගලික - ඒක පුද්ගල ව්‍යාපාර,(sole trader/ sole proprietorship) හවුල් ව්‍යාපාර, සීමාසහිත සමාගම් (limited companies)
- රාජ්‍ය - ව්‍යාපාර කටයුතු කරන රජයේ දෙපාර්තමේන්තු (government departments0 රාජළු සංස්ථා (state corporations) ව්‍යාවස්ථාපිත මණ්ඩල (statutory boards) හා රාජළ්‍ය සමාගම් (state companies)
- සමූපකාර - විවිධ සේවා සමූපකාර සමිති, නිෂ්පාදන, ධිවර කටයුතු ණය සැපයීම ආදිය සදහා පිහිටු වන ලද සමූපකාර සමිති
- සමති සංවිධාන - සමාජ සේවය සාමාජික සුභසාධනය ක්‍රිඩා යනාදි කටයුතු සදහා පිහියු වන ලද සමිතීන් මගින් කරගෙන ව්‍යාපාර කටයුතු
මෙ හැර පලාත් සභා ප්‍රදේශිය සභා පලාත් පාලන ආයතන යන මේවා මගින් ද ඇතැම් ව්‍යාපාර කටයුතු කරලගන යනු දක්නට ලැබෙ. ව්‍යාපාර ක්ෂේත්‍ර පහත සදහන් ආකාරයට වර්ග කර දැක්විය හැකිය.
- නිෂ්පාදන ක්ෂේත්‍රය - කාර්මික භාණ්ඩ කෘෂිකාර්මික භාණ්ඩත් නිෂ්පාදනය මේ කුෂේත්‍රයට අයත් වේ. මේ ක්ෂේත්‍රයේ නියැලී ආයතන වලට ලංකා වානේ සංස්ථාවත් නිදසුන් ලෙස දැක්විය හැකිය.
- වෙළෙද ක්ෂේත්‍රය - සිල්ලර, ෙතාග, ආනයන, අපනයන, ආදී වශෙයන් භාණ්ඩ බෙදා හැරිම මේ ක්ෂේත්‍රයට අයත් වේ. රාජ්‍ය වාණිජ විවිධ නිතීගත සංස්ථාවත් රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවත් මේ කටයුතු නියලි ආයතන වලට නිදසුන් වේ.
- සේවා ක්ෂේත්‍රය - ප්‍රවාහන, රක්ෂණ, සන්නිවේදන, හෝටල්, සංචාරක, කොන්ඩා සැකසුම්, ලොන්ඩරි, රථවාහන අලුත් වැඩියා යන ආදි කටයුතු ඇතුළත් ක්ෂේත්‍රයි. මේ කටයුතු වල නියලි ආයතනවලට ලංකා හෝටල් සංස්ථාවත් ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයත් නිදසුන් ලෙස දැක්විය හැකිය.
- මුල්‍ය ක්ෂේත්‍රය - ව්‍යාපාර ආයතන වලට අවශ්‍ය දිගුකාලින හා කෙටිකාලින මුල්‍ය පහසුකම් සැපයිම, තැන්පත් භාර ගැනිම, කල්බදු පහසුකම් සැපයිම,යනාදි කටයුතු මේ ක්ෂෙත්‍රයට අයත් වේ. වාණිජ බැංකු, වණික් බැංකු, ආයෝජන හා සංවර්ධන බැංකු, මුල්‍ය සමාගම්, මුල්‍ය තැරැවුකාර සමාගම යන මේවා මේ ක්ෂෙත්‍රයේ නියලි ආයතනවලට නිදසුන් වේ.