ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය
 

1978 අංක 4 දරන මහ කොළඹ ආර්ථික කොමිෂන් සභාව යටතේ මහ කොළඹ ආර්ථික ‍කොමිෂන් සභාව නමින් පිහිටුවන ලද මෙය වර්තාමානයේ හැදින්වෙන්නේ ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ලෙසය.


ශ්‍රි ලංකාවේ ආර්ථික සංවර්ධනය පෝෂණය කිරිම හා නංවාලිම, ආර්ථික පදනම පුළුල් කිරිම හා ශක්තිමත් කිරිම, විදේශ ආයෝජන උනන්දු කරලිම හ‍ා වැඩි දියුණු කිරිම, විදේශ විනිමය (foreign exchange) උපයන මාර්ග විවිධාංගිකරණය හා අපනයන ඉපයුම් වැඩිකරලි, කාර්මික හා වාණිජ ව්‍යයවසා පිහිටුවිම හා සංවර්ධනය උනන්දු කිරිම සහ පෝෂණය කිරිම, ඒ බල ප්‍රදේශයේ කටයුතු පරිපාලනය කිරිම යන මේවාද ඒවාට අමතරව ඉහත සදහන් අරමුණු ඉටුකර ගැනිමට ඉවහල් වන වෙනත් හිතකර ක්‍රියා මාර්ග අනුගමනය කිරිමද මේ මණ්ඩලයේ අරමුණ වේ.


මේ මණ්ඩලයේ අධ්‍යක්ෂ- ජෙනරාල්වරයකු ඇතුළු සමාජිකයන් පස්දෙනකුගෙන් සමන්විත වේ. ආයතනයට පුළුල් බලතල ඇති අතර විදේශ ආ‍යෝජකයන් විසින් සම්බන්ධතා පවත්වාගත යුතු එකම ආයතනය ද වේ. යටිතල පහසුකම් ඇති බල ප්‍රදේශ තුළ පිහිටුවිමට අපේක්ෂ‍ා කෙරෙන අපනයන අභිමුඛ කර්මාන්ත පිළිබද විදේශ ආයෝජන, මණ්ඩලය විසින් අනුමත කරන අතර තාක්ෂණික ආර්ථික ‍හේතුන් මතත් ව්‍යාපෘතියේ අවශ්‍යතාවය අනුවත් දිවයිනේ කවර ප්‍රදේශයක වුවද ඒකි කර්මාන්ත පිහිටුවිම සදහා අනුමැතිය දීමටද එය‍ට පුළුවනි. මේ අරමුණ ඉටුකර ගැනිම සදහා ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සිය කාර්ය භාරය කාර්යක්ෂම ලෙස ඉටුකිරිම පිණිස ප්‍රධාන අංශ කිහිපයකින් ක්‍රියාත්මක වේ.


ආයෝජන ප්‍රවර්ධන අංශය - මෙය ආයෝජකයන් විය හැකි පුද්ගලයන්ගේ හෙවත් භාවිතාව්‍ය ආයෝජකයන‍ෙග් (prospective investors) මුලික විමසිම සියල්ල සම්බන්ධයෙන් ක්‍රියා කර, අවශ්‍ය තොරතුරු හා දත්ත ලබා දෙයි. එසේම ඒකි ආයෝජකයනට අදාල වන දේශීය ආයතන සමග සම්බන්ධතා ගොඩ නගා ගැනිමටද ඉඩ සලසා දෙයි.


ප්‍රවර්ධන අංශය - මෙය ආයෝජකයන්ගේ අයදුම්පත ඇගයුම් අංශයට යොමුකර, ව්‍යාපාරයට අදාල මුලික කරුණු සම්බන්ධව සාකච්ඡා කිරිමට අවස්ථාවක් ලබා දෙයි. මේ නිසා ආයෝජනය පිළිබද තීරණයක් ගැනිමට අදාල සියලුම කටයුතු කෙටි කාලයක් තුළදි නිම කරගත හැකි‍වේ.


ආයෝජක සේවා අංශය - මෙය නව ව්‍යාපාරයක් පහසුවෙන්ම ආරම්භ කිරිමට සියලුම ‍ෙස්වා සපයයි. අ‍ායෝජකයාට මෙරට රැදි සිටිම සදහා විසා බලපත්‍රයක් ඉක්මනින් ලබා දිම, ව්‍යාපාරයට අවශ්‍ය ටෙලෙක්ස්, විදුලි සංදේශ හා වෙනත් පහසුකම් සලසා දිම, ආනයන කරන ලද භණ්ඩ ඉක්මනින් මුදාලිමට කටයුතු කිරිම, අපනයන භාණ්ඩ නැව්ගත කිරිමට සහය විම යන කටයුතු මේ අංශයෙන් කෙරේ.


ඉංජිනේරු සේවා අංශය - මෙය ආයෝජකයා සමග සාකච්ඡා කර අවශ්‍ය ඉඩම් තොරා දිම, යටිතල පහසුකම් පිළිබද තොරතුරු ලබා දිම, කර්මාන්තශාලා ගොඩනැගිලි තැනිමට අවශ්‍ය තාක්ෂණික තොරතුරු සහ ද්‍රව්‍ය ලබා දිම, කර්මාන්තශාලා සැලසුම් අනුමත කිරිම, යටිතල පහසුකම් ලබා ගැනිමට‍ උපකාර කිරිම ආදි කටයුතු කරයි.


රැකියා හා කාර්මික සම්බන්ධතා අංශය -මෙය විවිධ ශ්‍රේණිවල සේවකයන් බදවා ගැනිමට උපක‍ාර කිරිම, සේවකයන් පුහුණු කිරිම සදහා පහසුකම් සලසා දිම, ව්‍යාපාරතුළ මන‍ා කාර්මික සම්බන්ධතා ගොඩ නංවා ගැනිමට සහය විම යන මේ කාර්යයි.


ඉහත ‍සදහන් ‍කර්ය ‍වලට ‍අමතරව අපනයන අභිමුඛ කර්මාන්ත ‍ආයෝජකයන් දිරි ගැන්විම පිණිස විවිධ පහසුකම් රැසක් ද සලසා දි ඇත. ව්‍යාපාර අයිතිය මුළුමනින්ම විදේශියන් සතුව හෝ දේශිය ආයෝජකයන් සමග හවුලේ හෝ තබාගත හැකිවිම, ව්‍යපාරයේ කොටස්වල අයිතිය දේශිය හෝ විදේශිය හෝ වශයෙන් නිදහසේ පැවැරිමේ හැකියාව විදේශ ආයෝජකයනට හිමි ලාභංශ (dividends) බදු හා විනිමය පාලන සිමාවලින් තෙ‍ාරව විදේශ වලට ගෙන යාමේ හැකියාව, ව්‍යාපාර ඈවර කිරිමට සිදුවන අවස්ථාවකදි ප්‍රග්ධනය හා සෙසු මුදල්,බදු හා විනිම පාලන සීමා වලින් තොරව විදේශ වලට සම්ප්‍රෙෂණය කිරිමේ හැකියාව, සේවක මණ්ඩලයේ තාක්ෂණික හා කළමණාකාර තනතුරුවලට විදේශකයන් සීමා කිරිමකින් තොරව පත්කර ගැනිමේ හැකියාව යන මේවා එකි පහසුකම් වලින් වැදගත් ඒවා වේ. මේ හැර ආදායම් බදු ප්‍රග්ධන ලාභ බදු, රේගු බදු යන ආදි සම්බන්ධයෙන් පුළුල් බදු සහන රැසක්ද සලසා ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017