මේ ආයතනය පිහිටුවා ඇත්තේ ශ්‍රි ලංකා අපනයන මණ්ඩලයත් ශ්‍රි ලංකා ඇසුරුම් ආයතනයේ සහභාගිත්වයෙනි.
ඇසුරුම්වල තත්ත්වය උසස් කිරිම හා වැඩි දියුණු කිරිම, ඇසුරුම් කර්මාන්ත හා වෙළදාම වැඩිදියුණු කිරිම හා නගා සිටුවිම, ඇසුරුම් පිළිබද ව්‍යාපෘතිවලදි ජාතික මෙන්ම අන්තර් ජාතික ආයතනද සමග සම්බන්ධතා පවත්වා ගැනිම යන මේවා ආයතනයේ අරමුණු වේ.
ඇසුරුම් පිළිබද තාක්ෂණික හා වාණිජ තොරතුරු එක්රැස් කිරිම හා සැපයිම, ඇසුරුම් තාක්ෂණ පිළිබද පුස්තකාල සේවා සැපයිම, ඇසුරුම් පිරිවැය අඩු කිරිම පිළිබද අධ්‍යයන පැවැත්විම, නව ඇසුරුම් ක්‍රම හදුන්වා දිමට කටයුතු කිරිම, නිෂ්පාදිතයේ දිගු කාලින පැවත්මට ඉවහල් වන ඇසුරුම් ක්‍රම හදුන්වාදිම, ඇසුරුම්කරණය පිළිබද පුහුණු පාඨමාල පැවැත්විමට සහය විම, ඇසුරුම් කර්මාන්ත පිළිබද ගැටලු රජයේ අදාල අංශ වෙත යොමු කිරිම යන මේවා මේ ආයතනයෙන් සලසන සේවා අතර ප්‍රධාන වේ.
අපනයන අභිමුඛ කර්මාන්ත නගා සිටුවිම සදහා පිහිටුවා ඇති ප්‍රධාන ආයතන
01.ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
02.ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය
