එක්සත් ජාතින් ගේ සංවර්ධන වැඩසටහනේ මුලිකත්වය ඇතිව අන්තර්ජාතික කම්කරු සංවිධානයේ මෙහෙය විමෙන් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ 1968 වර්ෂයේදි පිහිටුවන ලද ජාතික කළමණාකාරිත්ව ආයතනය ජාතික ව්‍යාපාර කළමණාකරිත්ව ආයතනය නම්න් 1977 වර්ෂයේදි සංස්ථානගත කෙරිණි.
මෙහි අරමුණු පහත දැක්වේ.
- රාජ්‍ය, පෞද්ගලික යන දෙ අංශයේම කාර්මික හා වාණිජ ආයතනවල නිරත කළ කළමණාකරුවන්ගේත් අධ්‍යක්ෂකයන්ගෙත් කළමණාකාරිත්ව කුසලතා වර්ධනය කිරිම
- කාර්ය ඵල ප්‍රමිති සකස් කිරිම, ඵලදායිත්ව වර්ධනය, සේවක ගෙවිම් තීරණය කිරිම හා සේවක දායකත්වය උපරිම කිරිම යන මේවා මගින් ආයතනික උන්නතිය සදහා රාජ්‍ය, පෞද්ගලික අංශවලට කළමණාකාරිත්වය විශේෂඥ සේවා සැපයිම.
- පරිසරය වඩා හොදින් අවබෝධ කර ගැනිම පිණිස කළමණාකරණය හා අදාල සමාජ ආර්ථික සිදුවිම් පිළිබද දත්ත එක්රැස් කිරිම හා පර්යේෂණ පැවැත්විම.
- බාහිර අංශවලට කළමණාකරණ තොරතුරු සේවා සැපයිම හා පරිගණක වැඩසටහන් පිළිබද පුහුණු පාඨමාල සංවිධානය කිරිම
- නිශ්චිත වැඩසටහන් මගින් ප්‍රාදේශිය කාර්මික කටයුතු සැලසිම හා ශ්‍රි ලංකා ආර්ථිකයේ වඩා ක්‍රියාශිලි කාර්ය භාරයක් ඉටුකරනු වස් සුළු හා මධ්‍යම කර්මාන්තකරුවන් සදහා උපදේශාත්මක සේවා සැපයිම.
- ඉහත සදහන් අරමුණු කාර්යක්ෂම ලෙස ඉටු කිරිම සදහා මේ ආයතනයේ කටයුතු විමධ්‍යගත කිරිමක් දැනට සිදුවෙමින් පවති.
