මෙය සමාගම් පනත යටතේ ඇපයෙන් සීමිත, කොටස් රහිත පෞද්ගලික සමාගමක් ලෙස 1984 වර්ෂයේදි සංස්ථාපනය කරන ලදි. පෞද්ගලික අංශයේ ව්‍යාපාර උන්නතියට ඉවහල් වන විවිධ සේවා ලාබ ලැබිමේ චේතනාවෙන් තොරව එකම වහලක් යට සැපයිමෙන් කාලින අවශ්‍යතා සපුරාලිම මේ ආයතනයෙන් කෙරේ.
පෞද්ගලික අංශයත් රජයත් අතර ඵලදායි සම්බන්ධතාවයක් ගොඩ නැගිම, පෞද්ගලික අංශයේ ආයෝජන හදුනා ගැනිම, ආරම්භ කිරිම, ප්‍රවර්ධනය කිරිම හා ඒවාට අනුබල දිම ව්‍යවසායකත්වය නගාලිම, පුහුණුව හා සංවර්ධනය තුළින් කළමණාකාරිත්ව නිපුණතා වැඩි දියුණු කිරිම හා ව්‍යාප්ත කිරිම, දිගු කාලින ව්‍යාපාරික සැලසුම් සකස් කිරිමට සහය විම යන මේවා ආයතනයේ පරමාර්ථය වේ.
ඉහත දැක්වු පරමාර්ථ ඉටු කිරිම සදහා මේ ආයතනය පහත සදහන් අංශ හතරට බෙදා ඇත.
ආර්ථික හා ව්‍යාපාර ප්‍රතිපත්ති අංශය :- ව්‍යාපාර ගැටලු හදුනාගැනිහ සදහා විශ්ලේෂණය කිරිම (analysis) රාජ්‍ය, පෞද්ගලික යන දේ අංශයේ ප්‍රතිපත්ති සැකසිමේදි ක්‍රියාකාරි ලෙස සහභාගි විම අවශ්‍ය පරිදි ව්‍යාපාරවලට අදාල රජයේ රෙගුලාසි (regulations) සංශෝධනය කිරිම පිළිබදව අධ්‍යනය කිරිම, රාජ්‍ය අංශයේ ව්‍යාපාර පෞද්ගලිකරණය හෝ ප්‍රතිව්‍යුහකරණය (restructure) හෝ සම්බන්ධයෙන් අධ්‍යනය කිරිම යන ආදිය මේ අංශයේ කාර්යභාරයට අයත් වේ.
ව්‍යවසායක සංවර්ධන අංශය - ව්‍යාපාර කටයුතු වල දැනටමත් නිරත වන ව්‍යසායකයන්ට අනාගතයේදි නිරත විමට අපේක්ෂා කරන ව්‍යවසායකයන්ටත් එකි කටයුතු සදහා මග පෙන්විම, ප්‍රදේශිය සම්පත් පිළිබද සමික්ෂණය තුළින් කුඩා මධ්‍යම පරිමාන ව්‍යවසා දියුණු කිරිමට අදාල ඉඩ ප්‍රස්ථා හදුනා ගැනිම, කුඩා ව්‍යාපාර කළමණාකරණයට අදාල දුරස්ථ අධ්‍යාපන වැඩසටහන් හා පාඨමාලා පැවැත්විම යන ආදිය මේ අංශයෙන් කෙරේ.
ආයෝජක සේවා අංශය - විවිධ ව්‍යාපාර හා කාර්මාන්ත පිළිබද උපදෙස් සැපයිම, මේ ආයතනය සතු පරිගණක දත්ත බැංකුව, විදේශිය දත්ත මධ්‍යස්ථාන සමග සම්බන්ධතා පවත්වා ගනිමින් අලුත්ම ව්‍යාපාර තොරතුරු ඉක්මනින්ම ලබා දිම, දේශිය හා විදේශිය ආයෝජකයන් වෙත ලගා විම සදහා අායෝජකයන් හදුනා ගැනිමේ හා දිරි ගැන්විමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරිම, වෙළද පොළ පිළිබද අධ්‍යනය කිරිම යන ආදිය මේ අංශය සතු කාර්ය වේ.
කළමණාකරණ සංවර්ධන අංශය - ශ්‍රි ලංකාවේ කළමණාකරණ අංශය හදුනා ගැනිමට ඉවහල් වන විධියේ අධ්‍යනය කිරිම, කළමණාකරණ සංවර්ධන ආයතන අතර අදහස් හා සම්පත් හුවමාරු කර ගැනිම සදහා කටයුතු කිරිම, කළමණාකරණ සම්බන්ධය සදහා යොමු වුණු ආයතන මගින් පැවැත්වෙන පුහුණු වැඩසටහන් තවදුරටත් පුළුල් කිරිම යනාදිය මේ අංශය කෙරෙන කාර්ය වේ.