මේ දෙපාර්තමෙන්තුව විශේෂයෙන් පිහිටුවා ඇත්තේ ශ්‍රි ලංකාවේ අත්කම් භාණ්ඩ සහ ගෘහ කර්මාන්ත ආරක්ෂා කිරිමත් ප්‍රවර්ධනය කිරිම හා සංවර්ධනය කිරිමත් සදහා ය.
සාම්ප්‍රදායික අත්කම් භාණඩ නවින මෝස්තර හා ශිල්පිය ක්‍රම යටතේ නිපදවිම සදහා ග්‍රාමිය මට්ටමෙන් විවිධ පුද්ගලයන් මේ දෙපාර්තුමෙන්තුවෙන් පුහුණු කරන අතර විදේශිය සහයෝගිතා වැඩ පිළිවෙළ යටතේ කර්මාන්ත කරුවන් පුහුණු කිරිම සදහා වැඩමුළු පැවැත්විම ද කෙරේ.
මේ හැර කුඩා කර්මාන්ත දෙපාර්තමේනතුවේ සුපරික්ෂණ යටතේ දේශීය හා විදේශිය වෙළද පොළ සදහා නිෂ්පාදනය කරන බතික්, කැටයම් හා කලාත්මක භාණ්ඩ, කොහු ආශ්‍රිත භාණ්ඩ, මැටි බදුන්, ලුහු ඉංජිනේරු භාණ්ඩ යනාදිය අලෙවි කර ගැනිම සදහා ලක්සල, විස්කම් නිවෙස ආදි ආයතනවල ශාඛා දිවයිනේ පිහිටුවා ඇත. මේවාට අමතරව විදේශ වෙළද පොළ පුළුල් කිරිමේ අරමුණින් අත්කම් භාණ්ඩ ප්‍රදර්ශනය මේ දෙපාර්තමෙන්තුවේ මුලිකත්වයෙන් විවිධ රටවල පැවැත්වේ.
