ලංකා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ ආයතන
 

මේ ආයතන කර්මාන්ත කරුවනට ප්‍රයෝජනවත් වන සේවා රැසක් ඉටුකරනු දැකිය හැකිය. කර්මාන්තවල තාක්ෂණ‍ික කටයුතු වලට අදාල සැම කටයුතු වලට අදාල සැම අංශයක ම රසායනාගාර, යන්ත්‍රගාර, කර්මාන්තශාලා පිළිබද පර්යේෂණ පැවැත්විම, සුළු හා මහා පරිමාණ කර්මාන්ත කරුවනට අවශ්‍ය තාක්ෂණික උපදෙස් සැපයිම, නිෂ්පාදන කටයුතු වලිදි පැනනගින තාක්ෂණික ගැටලු පිළිබද සොයා බලා ඒවාට පිළියම් යෙදිම, කර්මාන්තශාලාවල වැඩ කටයුතු වැඩි දියුණු කිරිම, නිෂ්පාදන පිරිවැය අඩු කිරිම, භාණ්ඩවල තත්ත්වය දියුණු කිරිම සදහා යෝජනා ඉදිරිපත් කිරිම, ඇතැම් යෝජනා ඉදිරිපත් කිරිම, ඇතැම් යෝජනා කටයුතු සදහා විශේෂ උපකරණ නිර්මාණය කිරිම, කම්හල්වල යොදා ගන්නා උපකරණ අමුද්‍රව්‍ය, නිෂ්පාදන ක්‍රියාවලිය හා නිමි භාණ්ඩ පරික්ෂ‍ාවට භාජනය කිරිම, ඇතැම් කර්මාන්තවලට ඒවායේ අභ්‍යන්තර රසායනාගාර පිහිටුවා ගැනිමට උපකාරි විම ආදි ඒවායින් සමහරකි.

(c) Shilpa Sayura Foundation 2006-2017