කාර්මික සංවර්ධන මණ්ඩලය මෙරට,විශේෂයෙන් සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවානට, කීප ආකාරයකින් සහය වෙයි. කර්මාන්තයක් ආරම්භ කිරිමට අදහස් කරන පුද්ගලයකුට ඔහුෙග් ප්‍රග්ධන ශක්තිය මත සුදුසු කර්මාන්තය තොරා ගැනිමට සහය විම මේ මණ්ඩලයෙන් කොෙරන ප්‍රධාන සේවාව වේ. මේ මණ්ඩලය සපයන ආදර්ශ ව්‍යාපෘති වාර්තා සුදුසු පරිදි ගලපා තම ආයතනවලට යෝග්‍ය වන සේ කර්මාන්ත ව්‍යාපෘතියක් සකසා ගැනිමට පුද්ගලයකුට ඒ නිසා හැකිවේ. එමෙන්ම වැඩි ඉල්ලුමක් සහිත භාණ්ඩ පිළිබද තොරතුරු දියුණු කළ හැකි කර්මාන්ත පිළීබද කරුණුද, කර්මාන්තයක් ආරම්භ කිරිමෙදි අනුගමනය කළ හැකි ක්‍රියා පටිපාටිය පිළීබද උපදෙස් මේ මණ්ඩලයෙන් ලබා ගත හැකිය. ඒ හැර තෝරා ගනු ලබන කර්මාන්තයට අවශ්‍ය පිරියත (plant) සැළසුම් කිරිම, යන්ත්‍රෝපකරණ නඩත්තු කිරිම, නිෂ්පාදනය පිළිබදව එදිනෙදා පැනනගින ගැටලු විසදිම අමුද්‍රව්‍ය හා නිමි භාණ්ඩ පරික්ෂා කිරිම ආදිය සම්බන්ධයෙන් තාක්ෂණික සහය හා උපදෙස් මේ මණ්ඩලයෙන් ලබා ගැනමට හැකිවේ.
එසේම කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දිම, ඇතැම් යන්ත්‍ර තමන්ටම නිපදවා ගැනිමට අවශ්‍ය තොරතුරු සැපයිම, අමතර කොටස් නිෂ්පාදනය කර දිම යන මේවාද සිදු කරයි. ඒ හැර නිෂ්පාදිතවල අලෙවිකරණය සදහා එය කිහිප ආකාරයකින්ම සහය වෙයි. වෙළද පොළේ ඉල්ලුමක් ඇති භාණ්ඩ හදුනා ගැනිමට සහය විම මෙන්ම ප්‍රදේශ කිහිපයක සේවා පහසුකම් සහිත කම්හල් ගොඩනැගිලි ඉදිකිරිමෙන් ද සුළු මධ්‍යම කර්මාන්තයකරුවන්ට උපකාරි වේ. එයට අමතරව එකි කර්මාන්තකරුවණට ප්‍රයෝජනවත් විශේෂ පාඨමාලාද සංවිදානය කරයි.
