කර්මාන්ත ස්ථානගත කිරිම
 

කර්මාන්ත ස්ථානගත කිරිමේදි අවදානය යොමු කළ යුතු සාධක රාශීයක් ඇත. ඒවායින් වඩාත් වැදගත් සාධක කිහිපයක් සළකා බලමු.



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අමු ද්‍රව්‍ය - කවර කර්මාන්තයකට වුවද අමුද්‍රව්‍ය අවශ්‍යම සාධකයකි. එහෙයින් අමුද්‍රව්‍ය පහසුවෙන් ලබා ගත හැකි ප්‍රදේශ ඒ ආශ්‍රිත කර්මාන්ත ස්ථානගත කිරිම බොහෝ වි‍ට සිදු විය. පිළියන්දල පිගන් භාණ්ඩ කම්හලද මීගමුව අවට ‍ප්‍රදේශවල උළු ගඩොළු කර්මාන්ත පිහිටුවා තිබිම නිදසුන් වශයෙන් දැක්විය හැකිය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ශ්‍රමය - යම් කර්මාන්තයකට අදාල විශේෂ කුසලතාවක් දක්වන පුද්ගලයන් වසන ප්‍ර‍දේශ වල ඇතැම් කර්මාන්ත ස්ථානගත කර තිබෙන් දැකිය හැකිය. මොරටුව අවට ප්‍රදේශවල ලී බඩු කර්මාන්තය ස්ථානගත විම කෙරහි ශ්‍රමය බෙහෙවින් බලපා ඇති බව නිදසුන් වශයෙන් පෙන්විය හැකිය. බහු ජාතික සමාගම් බොහොමයක් ශ්‍රි ලංකාව, ඉන්දියාව ආදි රටවල කර්මාන්ත පිහිටුවිම කෙරෙහි උන්නදුවක් දක්වන්නේ, ශ්‍රමය පහසුවෙන් ලබා ගත හැකි නිසාය.


වෙළද පොළ - කවර භාණ්ඩයක් වුවද නිෂ්පාදනය කෙරෙන්නේ වෙළද පොළ ඉලක්ක කර ගෙනය. ඒ අනුව ශ්‍රි ලංක‍ාවේද ඇතැම් කර්මාන්ත ප්‍රධාන නගර ආශ්‍රිත පිහිටුවා ඇත්තේ ඒකි ප්‍රදේශවල පවත්නා වෙළද පොළ නිසාය. කොළඹ අවට කර්මාන්ත බොහෝමයක් පිහිටුවා ඇත්තේ මේ සාධකය‍ මුල්කරගෙන බව නිදසුන් ලෙස දැක්විය හැකිය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


පාදක ව්‍යුහය (යටිතල) පහසුකම් - කර්මාන්ත ශාලා පිහිටුවිමේදි අවශ්‍යවන මුලික පහසුකම් රැසක් ඇත. මහාමාර්ගය, ජලය, විදුලිය, ගොඩනැගිලි, දුරකතන ඒවායින් සමහරකි. තනි කර්මාන්ත කරුවකුට මේ පහසුකම් සියල්ලම ලබා ගැනිම සදහා අධීක වියදමක් දැරිම බොහෝම දුෂ්කර වේ. ඒ හෙයින් ඒපහසුකම් සහිත ස්ථාන කර්මාන්ත ආරම්භ කිරිම සදහා ලබා දිමේ අදහසින් රජය මැදිහත් වි ශ්‍රි ලංකාවේ ප්‍රදේශ කිහිපයක ක‍ාර්මික ජනපද හා ක‍ාර්මික කල‍ාප පිහිටුවා ඇත. එකල පල්ලේ කැලේ ඇති කාර්මික ජනපද ද කටුනායක බියගම, කොග්ගල ‍ යන මේවායේ පිහිටුවා ඇති නිදහස් ආයෝජන ප්‍රවර්ධන කලාපද ය‍ටිතල පහසුකම් ලබා ඇති ප්‍රදේශ වලට නිදසුන්වේ.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



ප්‍රවාහනය - කර්මාන්තශාලාවල අමුද්‍රව්‍යද ශ්‍රමිකයන්ද ප්‍රවාහනය කිරිමත් නිමි භාණ්ඩ වෙළද පොළට ගෙන ඒමත් සදහා කාර්යක්ෂම ප්‍රවාහන ක්‍රම තිබිම කර්මාන්ත ස්ථානගත කිරිමට බෙහෙවින් හේතු වේ. වරාය අවට කර්මාන්ත ස්ථානගත කෙරෙන්නේ මේ පහසුව සලකාගෙනය. ආයෝජන ප්‍රවර්ධන කලාප (investment promotion) සදහා කටුනායක ප්‍රදේශ ‍ෙතාරාගැනිමට එක් හේතුවක් වු‍ෙය්ද එය ගුවන්තොටුපලට හා වරායට ආසන්නව පිහිටිමයි.

මේ හැර බලශක්තිය, රාජ්‍ය ‍ප්‍රතිපත්ති, ප්‍රචේශ අවශ්‍යතා යන ආදි සාධකද මෙරට කර්මාන්ත ස්ථාන ගත කිරිමෙහිලා බලපා ඇති බව සදහන් කළ හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017