කර්මාන්ත වර්ගිකරණය
 

මෙරට කර්මාන්ත වර්ග කිරිම සදහා විවිධ ආයතන විවිධ ක්‍රම අනුගමනය කර ඇත. ඒවායින් වඩා වැදගත් ක්‍රම සමහරක්

පහත දැක්වේ.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සියලු ම ආර්ථික කටයුතු සදහා යෙදෙන අන්තර්ජාතික වශයෙන් සම්මත කර්මාන්ත වර්ගිකරණය අනුව මෙර‍ට කර්මාන්තද පහත සදහන් අයුරු කාණ්ඩවලට බෙදිය හැකිය.


  • ආහාර පාන වර්ග හා දුම්කොළ
  • රෙදි පිළි හා ඇගළුම් සහ සම් නිෂ්පාදන
  • දැව හා දැව නිෂ්පාදන
  • කඩදාසි හා කඩදාසි නිෂ්පාදිත
  • රසායනික ද්‍රව්‍ය, ඛණිජ තෙල්, රට අගුරු, රබර් සහ ප්ලාස්ටික් නිෂ්පාදිත
  • අලෝහ ඛණිජ නිෂ්පාදන
  • මුලික ලෝහ නිෂ්පාදිතය
  • සකස් කළ ලෝහ නිෂ්පාදිත, යන්ත්‍රසුත්‍ර හ‍ා ප්‍රවාහන අම්පන්න
  • වෙනත් නිෂ්පාදිත භාණ්ඩ
  • ආයෝජිත ප්‍රග්ධනය අනුව මෙරට කර්මාන්ත, සුළු හා මධ්‍ය, මහපරිමාණ යනුවෙන් වර්ගකර ඇත.


      ඉඩම් හෝ ගොඩ නැගිලි ( සින්නක්කර හෝ බද්දට හෝ ගත් ඒවා ද ) ඇතුළුව ව්‍යාපාරයේ මුලික වත්කම්වල අගය රුපියල් මිලියන දහසයක් ‍නොයික්මන කර්මාන්ත, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ලෙස දැනට සැළකේ. මෙම සීමාව ඉක්මවන කර්මාන්ත, මහා පරිමාණ කර්මාන්ත වේ.

      ඉඩම් හා ගොඩනැගිලි සින්නක්ර හෝ බද්දට හෝ ගත් ඒවාද) ඇතුළුව ව්‍යාපාර මුළු ස්ථාවර වත්කම් වල අගය රුපියල් මිලියන දහසයක් නොයික්මවන කර්මාන්ත හා සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ලෙස දැනට සැළකේ. මේ සිමාව ඉක්මවන කර්මාන්ත, මහා පරිමාන කර්මාන්ත නම් වේ.

      මේහැර විදුලිබල ධාරිතාව අනුව නිමවුම් හා ඇගළුම් කර්මාන්ත සුළු,මධ්‍ය, මහාපරිමාණ යනුවෙන් වර්ග කර ඇත. කිලෝ වෝට් අම්පියර් (KVA) 50 අඩු ධාරිතාව ඇති බලයක් භාවිතාකරන කර්මාන්ත වශයෙන්ද කිලෝ වොට් ඇම්පියර් 50,500 දක්වා භාවිතා කරන ඒවා මධ්‍යම පරිමාණ කර්මාන්ත වශයෙන්ද , කිලෝ වෝට් ඇම්පියර් 500 ‍ට වඩා භාවිතා කරන කර්මාන්ත මහපරිමාණ කර්මාන්ත වශයෙන් වර්ග කර ඇත.

      කර්මාන්ත ස්වරූපය අනුව ඒවා ප්‍රධාන වශයෙන් නිෂ්කර්ශක (Extractive) කර්මාන්ත නිර්මාණක (constructional) කර්මාන්ත යනුවෙන් වර්ග කෙරේ. ස්භාවික සම්පත් පවත්නා අයුරින්ම ලබා ගැනිම සිදු කෙරෙන කර්මාන්ත නිෂ්කර්ශක කර්මාන්ත නම් වේ. ධිවර, ඛානක, කෘෂි, දැව යන මේ කර්මාන්ත නිෂ්කර්ශක කර්මාන්ත වලට නිදසුන් වේ. මෙම කර්මාන්ත, නිෂ්පාදනයේ ප්‍රාථමික අවස්ථාව හෙවත් පලමු අදියර ලෙස සැළකේ.

      නිෂ්කර්ශක කර්මාන්තවලින් ලබාගත් දැ යොදා ගෙන පෙරළුම් හෝ මගීන් භාණ්ඩ නිපදවිමේ නිරත වන කර්මාන්ත නිර්මාණක කර්මාන්ත ගණයෙහි ලා සැලකේ. මසුන් වෙළිම, ගඩොලු කැපිම, වී කෙටිම, ලී ඉරිම, යන කර්මාන්ත පෙරළුම් කර්මාන්ත වලට නිදසුන් වේ. මසුන් ටින්වල ඇසිරිම,ගොඩ නැගිලි ඉදිකිරිම, රස කැවිලි සැදිම, ලී බඩු තැනිම යන කර්මාන්ත ගැලපුම් කර්මාන්ත වලට නිදසුන් වේ.
      මේවාට අමතරව නිෂ්පාදන වටිනකම, සේවක සංඛ්‍යාව, ස්ථාවර වත්කම් අගය, ව්‍යාපර හිමිකම් (රාජ්‍ය හෝ පෞද්ගලික හෝ) යන ආදි කරුණු පදනම් කර ගත් වර්ග කිරිම් ද දක්නට ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017