ආයෝජන දිරි ගැන්විම :- කර්මාන්ත සදහා යන්ත්‍ර සුත්‍ර අමුද්‍රව්‍යත් ආනයනය කිරිමේදි අඩු තීරු බදු (customs duties) ප්‍රමාණයක් අය කිරිම, ඉපයු ලාභ යම් කොන්දේසි යටතේ සිය මව් රටවලට ගෙන යාමට විදේශ ආයෝජකන්ට ඉඩ දිම යානාදි වාසි ලැබේ. මේවාට අමතරව වත්කම් විකිණිමෙන් ලැබෙන ආදායම නිෂ්චිත ආයෝජන සදහා යොදවන අවස්ථාවලදි ප්‍රග්ධන ලාබ බද්දෙන් (capital gains tax) නිදහස් කිරිම , ව්‍යාපාර වස්තු කොටස් විකිණිමෙන් ලැබෙන ලාභ, ප්‍රධාන ලාභ බද්දෙන් නිදහස් කිරිම යනාදි සහන ලැබේ.
බදු විරාම:- කර්මාන්ත අමාත්‍යාංශය පිළිගත් නිෂ්පාදන හා සැකසුම් පිළිබද නව කර්මාන්තද ශ්‍රම ශුක්ෂම (labour intensive) මෙන්ම අපනයන අභිමුඛ වෘත්තිය සදහා යටිතල පහසුකම් (infra structure) නාවික සේවා, ප්‍රාරක්්‍ෂණය අක්වෙරළ සේවා යනාදිය සපයන ආයතන සදහා බදු විරාම (tax holidays) ලැබේ.
ආලවිකරණය හා ප්‍රවර්ධනය:- සම්ප්‍රධායික නොවන (non – traditional) ආයතන දිරි ගැන්විම සදහා ඒ භාන්ඩ නිෂ්පාදනයේදි නියමකර ඇති සීමාවට අනුකූලව, දේශිය ශ්‍රමය හෝ දේශීය වටිනාකම එකතුකර ඇත්නම් ඒ භාණ්ඩ වෙළද පොළේ අලෙවි කිරිම සදහා ප්‍රදර්ශනය හා සල්පිල් පැවැත්විම, ඒ සදහා ප්‍රචාරණ කටයුතු මෙහෙය විම යන ආදිය වෙනුවෙන් දරන වියදම මෙන් දෙගුණයක් ආදායම් බදු ගණනය කිරිමේදි වාර්ෂික ව්‍යාවස්ථාපිත ආදායමෙන් අඩු කිරිමට ඉඩ ලැබේ.
පර්යේෂණ හා සංවර්ධන:- නිමි භාණ්ඩද නිමවුම් ක්‍රියාවලියද දියුණු කිරිම සදහා දෙනු ලබන බදු සහන අතර පර්යේෂණ, සංවර්ධනය හා පුහුණු කිරිම් සදහා දරන ලද වියදම මෙන් දෙගුණයක් ආදායමෙන් අඩු කිරිමට ඉඩ දිමත් පර්යේෂණ හා සංවර්ධනය සදහා යොදාගනු ලැබු ගොඩනැගිලි සදහා දිමනා ලබා දිමත් වැදගත් වේ.
මේ හැර කර්මාන්තය අංශය සදහා දිරි ගැන්විම් ක්‍රම ද ක්‍රියාත්මක වේ . භාණ්ඩ සංවර්ධනය සදහා පර්යේෂණ හා සංවර්ධන දිමනා ලබා දිම, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත වැඩි දියුණු කිරිම සදහා තාක්ෂණික සහය ලබා දිම, කුඩා කර්මාන්ත පුළුල් කිරිම සදහා තාක්්‍ෂණික සහය ලබා දිම, කුඩා කර්මාන්ත දියුණු කිරිම හා උසස් තත්ත්වයකට ගෙන ඒම කුඩා කර්මාන්ත මුල්‍ය කරණයේ යෝජනා ක්‍රම ඇති කිරිම,භාණ්ඩ සංවර්ධනය කිරිමත් විදේශ වෙළද පොළ වල අලෙවි කිරිමත් සදහා දැරු මුලික වියදම පියවා ගැනිම පිණිස අලෙවි කරණ සංවර්ධනයට සහයවිමේ වැඩසටහන් ඇතිකිරිම යන මේවා ඒකි දිරිගැන්විම් වලට අයත්ය.
