ශ්‍රි ලංකාවේ කර්මාන්ත හැදෑරීම
 සංවර්ධනය වෙමින් පවත්නා රටවල් (developing countries) අතරට ගැනෙන ශ්‍රි ලංකා‍ව මෑතක සිට කෘෂිකර්මයට අමතරව කර්මාන්තවලට නැඹුරු වි ඇති බවක් පෙනේ. ශ්‍රි ලංකාවේ ප්‍රයෝ‍නයට ගත හැකි මුළු ඉඩම් ප්‍රමාණයෙන් හතරෙන් තුනක් පමණ දැනටමත් ප්‍රයෝජන ගෙන ඇත. එහෙත් මෙරට ශිඝ්‍රයෙන් වැඩිවන ජන සංඛ්‍යාවට සරිලන පරිදි රැකි රක්ෂා සැපයිම සදහා හුදෙක් කෘෂිකර්මික සංවර්ධනය ප්‍රමාණවත් නොවේ. ‍එලෙසම තේ, රබර්, පොල් ආදි කෘෂි ආනයනවලින් ලැබෙන විදේශ විනිමය පමනක් රැදි සිටිම අවදානම් සහිත බැවින් කෘෂිකාර්මික අංශයට අමතරව කර්මාන්ත අංශ කෙරෙහිද අවධානයට යොමු කිරිම අවශ්‍ය නොවේ.

මෙරට වර්තමාන කර්මාන්ත ප්‍රතිපත්තිය (industrial policy)ප්‍රධාන අරමුණු කිහිපයක් පදනම් කර‍ ගෙන සකස් වි ඇත. ඒවා නම්, මුලික වශයෙන් දේශීය වෙළද පොළට සිමා වු කර්මාන්ත, අපනයන අභිමුඛ කර්මාන්ත (export oriented industries) බවට පත් කිරිමත් වැඩිවන ජන සංඛ්‍යාවට රැකි රක්ෂා හා ආදයම් අවස්ථා සලසා දිමත් ආර්ථිකය විවිධාංගිකරණය කිරිම හා ගෙවුම් ‍ෙශ්ෂය වාසිදායක තත්ත්වයට පත් කිරිමත් ආදායමට හා ධනයට වඩා සාධාරණ ලෙස බෙදා හැරිම තුළින් ජනතා‍වගේ ජිවන තත්ත්වය නංවාලිමත් වේ.

මෙරට වර්තමාන කර්මාන්ත ප්‍රතිපත්තිය (industrial policy)ප්‍රධාන අරමුණු කිහිපයක් පදනම් කර‍ ගෙන සකස් වි ඇත. ඒවා නම්, මුලික වශයෙන් දේශීය වෙළද පොළට සිමා වු කර්මාන්ත, අපනයන අභිමුඛ කර්මාන්ත (export oriented industries) බවට පත් කිරිමත් වැඩිවන ජන සංඛ්‍යාවට රැකි රක්ෂා හා ආදයම් අවස්ථා සලසා දිමත් ආර්ථිකය විවිධාංගිකරණය කිරිම හා ගෙවුම් ‍ෙශ්ෂය වාසිදායක තත්ත්වයට පත් කිරිමත් ආදායමට හා ධනයට වඩා සාධාරණ ලෙස බෙදා හැරිම තුළින් ජනතා‍වගේ ජිවන තත්ත්වය නංවාලිමත් වේ.
ඉහත සදහන් අරමුණු ඉටුකර ගැනිම සදහා යෝජිත මුලික උපාය මාර්ග අතර වැදගත් ඒවා පහත දැක්වේ.
ආර්ථිකය ස්ථාවඑ කිරිම, උද්ධමනය (inflation) පාලනය කිරිම හා ඵලදායි ආර්ථික ක්‍රියාකාරිත්වයක් වර්ධනය කිරිම සදහා යෝග්‍ය සර්ව ආර්ථික ප්‍රතිපත්ති (macroeconomic policies) අනුගමනය කිරිම
පවත්නා සාමාන්‍ය ආර්ථික පෙළඹ විම් ප්‍රමාණවත් නොවන අවස්ථාවලදි ආයෝජනය හා අපනයනය සදහා විශේෂ දිරිගැන්විම් (incentives) ක්‍රම සැලසිම
ප්‍රාග්ධනය රට තුළට ඇදි ඒම වැඩි කිරිම, නව තාක්ෂණය (technology) ලබා ගැනිම, වෙළද පොළ පුළුල් කර ගැනිම යන මේවා සදහා විදේශ ආයෝජනයට (foreign investment) අනුබල දිම
රාජ්‍ය,‍ පෞද්ගලික යන දෙ අංශයේ අයිතිය පිළිබදව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම හා වාණිජකරණය (commercialization) ජනතාකරණය (peoplization) පෞද්ගලිකරණය (privatization යන මේවා මගින් රාජ්‍ය අංශයේ ව්‍යාපාර ප්‍රතිසංවිධානය කිරිම
විශේෂ දිරිගැන්විම් පවත්නා කර්මාන්ත අන්තර් ජාතික වශයෙන් තරගකාරි තත්ත්වයට පත් කිරිම තුළින් අපනයන කර්මාන්ත නංවා ලිම, ආනයන ආදේශන (import substitution) කර්මාන්තත් අපනයන අභිමුඛ කර්මාන්තත් සම්බන්ධයෙන් පුර්ණ මධ්‍යාස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම
සුළු කර්මාන්ත ( small industries ) ප්‍රවර්ධනයත් සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාව අරත වඩාත් හොදින් බෙදා හැරිම තහවුරු කිරිම සදහා විශෘල ආ‍යෝජකයන්ද කර්මාන්ත කරුවන්ද සුළු නිෂ්පාදකයන්ද අතර සම්බන්ධතාවක් ගොඩ නැංවිමයි.
මානව සම්පත්( human resources) පිළිබද පර්යේෂණ (research) හා පුහුණු කටයුතු වැඩි දියුණු කිරිම මගින් ශ්‍රම ඵලදාව (productivity of labour) නංවා ලිම
ආයනයන බලපත්‍ර අවසර බලපත්‍ර ආදි සම්බන්ධයෙන් ව්‍යවසායකයනට (entrepreneurs) මුහුණ පැමට සිදුවන පරිපාලන මය බාධක ඉවත් කිරිම
අනුමත කිරිම්, ප්‍රතිපත්ති හා දිරිගැන්විම් කටයුතු හැකිතාක් දුරට සරළ කිරිම

(c) Shilpa Sayura Foundation 2006-2017