මහා පරිමාන නිෂ්පාදන ආයතනවල දක්නට ලැබෙන විශේෂිකරණය නිසා අතුරු නිෂ්පාදිත බිහි වේ. අතුරු නිෂ්පාදිත (by-products) යනුවෙන් හැදින්වෙන්නේ නිෂ්පාදනයක් සදහා යොදාගත් ද්‍රව්‍ය වලින් ඉතිරි වන ඇතැම් කොටස් ප්‍රයෝජනයට ගනිමින් නිපද වෙන වෙනත් භාණ්ඩ වේ. ඛණිජ තෙල් පිරිපහදුවෙන් ඉතිරි වන කොටස් වලින් තාර, ඉටිපන්දම්, ශ්‍රිස්, ද්‍රව පෙට්‍රෝලියම් වායුව (එල්.පි ගෑස්) ආදි නිපදවිම නිදසුනක් වශයෙන් දැක්විය හැකිය.