ඇතැම් නිෂ්පාදන ආයතන භාණ්ඩ විවිධාංගකරණය (diversification) කෙරෙහි වර්තමානයේහි නැඹුරු වි ඇති බවක් දැකිය හැකිය. නිදසුනක් වශයෙන් උපාලි සමුහ ව්‍යාපාර නිෂ්පාදනය කරන ටෝෆි, චොකලට් යන ආදි රස කැවිලිද ගුවන්විදුලි යන්ත්‍ර හා කැසට් යන්ත්‍ර ද පුවත්පත් හා වාර ප්‍රකාශනද නිදසුන් වශයෙන් දැක්විය හැකිය. හරිච්චන්ද්‍ර ආයතනය, සිංගර් ආයතනය, නවලෝක සමුහ ව්‍යාපාර ආදි ආයතනවලද එවැනි විවිධාංගිකරණ දක්නට ලැබේ . එවැනි විවිධාංගිකරණයක් නැතිව එකම ගනයට අයත් භාණ්ඩ විවිධ ස්වරුපයෙන් නිපදවන ආයතනද ඇත. කිරි ආහාර නිපදවන ආයතන පානීය කිරි, යෝගට් බටර්, චිස්, පිටිකිරි, ආදි වශයෙන් කිරි ආහාර නිපදවිම නිදසුනක් ලෙස දැක්විය හැකිය.