නිෂ්පාදන කටයුත, සුළු පරිමාන වලින්ද විශාල ප්‍රමානවලින්ද කරනු දැකිය හැකිය. සුළු පරිමාණ නිෂ්පාදන කටයුත් වලිදි අදාල භාණ්ඩයේ නිෂ්පාදනයට අදාළ සියලුම කටයුතු හෝ එවායින් බොහෝමයක් හෝ කෙරෙන්නේ තනි පුද්ගලයකු අතිනි. කුඩා මැහුම් හලක් හිමි ඇදුම් මසන්නකු කමිසයක් මැසිමේදි එහි සියලුම කොටස් සියතින්ම සකස් කිරිම නිදසුනක් වශයෙන් දැක්විය හැකිය. එහෙත් විශාල ප්‍රමාණයේ නිෂ්පාදන කටයුතු වලදි ආදාල භාණ්ඩයේ විවිධ කොටස් විවිධ පුද්ගලයෝ නිම කරති. නිදසුනක් වශයෙන් ගත හොත් කමිසයක් ඇගළුම් කර්මාන්තශාලාවක නිෂ්පාදනය කිරිමේදි රෙදි කැපිම, අත්, කොලරය ආදි විවිධ කොටස් මැසිම, බොත්තම් ඇල්ලිම,අහිරිම යන ආදි කාර්යයන් සිදු කෙරෙන්නේ විවිධ පුද්ගලයන් විසිනි. එලෙස, නිෂ්පාදන කාර්යේ විවිධ කොටස් විවිධ පුද්ගලයන් අතින් සිදු විම ශ්‍රම විභජනය ලෙස හැදින් විය හැකිය. මෙකල බොහෝ නිෂ්පාදන කටයුතු සදහා ශ්‍රම විභජනය උපයෝගි කර ගැනේ.
ශ්‍රම විභජනය නිසා නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධ අවස්ථාවලට ගැලපෙන ආකාරයේ යන්ත්‍රසුත්‍ර භාවිතා කළ හැකි වේ. එයට අමතරව නිෂ්පාදිත වල ගුණත්වය (quality) උසස් විම, නිෂ්පාදන වේගය වැඩි විම කාලය ඉතිරි විම, පිරිවැය අඩු විම ආදි වාසි රැසක් ද එයින් සැලසේ.
කෙසේ වුවද ශ්‍රම විභජනයේ අවාසි කිහිපයක්ම දැකිය හැකිය. එකම කාර්යෙ දිගටම නියලි සිටිම නිසා පුද්ගලයාට රැකියාව නී රස විමටත් ඔහු විවිධ කායික හා මානසික පීඩා වලට ගොදුරු විමටත් පුළුවන. එසේම යම් පුද්ගලයකුට තමා කරන කාර්යෙන් ඉවත් වුවහොත් ඔහු වෙනුවට වෙනත් පුද්ගලයකු යොදා ගැනිම දුෂ්කර විය හැකි නිසා නිෂ්පාදන කටයුතු ද අඩාල විමට පුළුවන. ඒ හැර යම් අංශයක පමා විමක් නිසා ඊ ලග අංශයේ නිෂ්පාදන කටයුතු ඇණ හිටිමටද පුළුවන.
වඩාත් හොදින්ම කළ හැති කාර්ය කොටසේ යම් පුද්ගලයකු නිරත විම විශේෂිකරණ වේ. පුද්ගලයකුට අධ්‍යාපනය, පුහුණුව,ශ්‍රම විභජනය යන ආදි නිසා යම් කාර්යයක් අන් පුද්ගලයන්ට වඩා කාර්යක්ෂමව කිරිමේ හැකියාව ලැබිය හැකිය. පුද්ගලයකු එකි කාර්යෙහි නිරත විම පුද්ගල විශේෂිකරණයයි.
එයට අමතරව ප්‍රාදේශිය විශේෂිකරණයක් (regional specialization) දැකිය හැකිය. යම් ප්‍රදේශක පිහිටිම ස්භාවික සම්පත් පැවැතිම, දේශගුණය ආදි භුගෝලිය කරනු ඒ කෙරෙහි බලපායි. නිදසුනක් වශයෙන් කියත හොත් මැණික් සදහා රත්නපුරය, ඇලහැර යන ප්‍රදේශද ලුණු සදහා හම්බන්තොට, පුත්තලම යන ප්‍රදේශද තේ වගාව සදහා පොල් ත්‍රිකොණයද ප්‍රසිද්ධියක් උසුලයි. එසේම සමහර භාණ්ඩ සම්බන්ධයෙන් ඇතැම් රටවල් විශේෂත්වයක් දක්වනු පෙනේ. ඛණිජ තෙල් සදහා සෞදි ආරාබිය, කුවෙට්, ඉරානය, ඉරාකය යන රටවල්ද කිරි නිෂ්පාදනය සදහා ඩෙන්මාර්ක්, ඕස්ට්‍රේලියාව, නවසියන්තය යන රටවල්ද තේ සදහා ශ්‍රි ලංකාව ඉන්දියාව යන රටවල්ද නිදසුනක් වශයෙන් දැක්විය හැකිය. එය හැදින් වෙන්නේ අන්තර් ජාතික විශේෂිකරණය (international specialization) ලෙසය.