ජවහර් ලාල් නේරු තුමා
 

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැතිවරයා වූයේ පණ්ඩිත ජවහර්ලාල් නේරු තූමායි. ක්‍රි.ව. 1869 දී මධ්‍යම ඉන්දියාවේ අලහබාද් නුවර එතූමා උපත ලැබුවේය. ප්‍රභූ පෙලපතකින් පැවත එන මොතිලාල් නෙරු එතූමාගේ පිය තූමා විය. වයස අවු. 11 පමණ වන තෙක් අලහබාද් නුවර ආනන්ද භවන් මන්දිරයේ පවුලේ එකම දරුවා ලෙස ජීවත් වූ කූඩා නේරුගේ තනිකම නැතිවූයේ විජයලක්ෂ්මි නැමති සොයුරියගේ උපතින් පසුවයි. කූඩා කල දී නේරු ට අධ්‍යාපනය ලබා දුන්නේ අයිරිෂ් ජාතික ගූරුවරයෙකි.

 

එතූමා බොහෝ පොත පත කියවීමට පුරුදුවූයේ මේ ගූරුවරයාගේ ඇසුරිනි. ක්‍රි.ව.1905 දී සිය පවුලේ සාමාජිකයින් සමඟ එංගලන්තයට ගිය එතූමා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතූඵව නීති උපාධිය ලබා ගත්තේය. ක්‍රි.ව. 1912 දී නැවත ඉන්දියාවට පැමිනුණු එතූමාට තම පියානන් සේම දක්ෂ නීතිවේදියකූ වීමට අවස්ථාව තිබුනද එංගලන්තයේදී ඇසුරු කල වෙනත් රටවලින් පැමිණ සිටි මිතූරන්ගේ ආශ්‍රය නිසා ඇතිවූ නිදහස් අදහස් හිතේ මුල් බැස ගෙන තිබූ බැවින් , ඉන්දීය නිදහස් සටනට එක්වීමට ඔහු තීරණය කළ්‍රේය.

 

 

බ්‍රිතාන්‍ය පාලනය ගැන අප්‍රසාදයට පත්ව සිටි නේරු ඉන්දීය ජාතික සංගමයේ රැස්වීම් වලට නොකඩවා සහභාගී වීය. ඒ අවස්ථාවලදී එතූමාට අවිහිංසා වාදී නිදහස් ව්‍යාපාරයක් දියත් කිරීමවෙර දරමින් සිටි ගාන්ධි තූමාගේ දේශනවලට ඇහුන්කම් දීමට ලැබුණි. ඒ අනුව ජවහර්ලාල් නේරු , මහත්මා ගාන්ධි තූමාගේ අනුගාමිකයෙක් බවට පත්වුනා. ඉන්දියාවේ නිදහස් අරගලයේ ක්‍රියාකාරී පුද්ගලයෙකූ ලෙස කටයුතූ කල නිසා කිහිප වරක්ම , එතූමාට බන්ධනාගාර ගත වීමටද සිදුවීය. බන්ධනාගාරය තූලදී බොහෝ පොත පත කියවීමෙනුත් ජාතික හා ජාත්‍යන්තර ප්‍රශ්ණ පිළිබඳව සිතීමෙනුත් , බන්ධනාගාර ජීවිතය ඵලදායීව යොදා ගැනීමටත් පුරුදු වූ අතර හිරගෙයි ගත කල කාලය නිකරුණේ ගත නොකොට පොත්පත් ලිවීමට එතූමා යොමු වීය.


එහි ප්‍රථිඵලය වූයේ ලෝක ඉතිහාස සිහිවටන නමින් ලෝකයේ ඉතිහාසය සංක්ෂිප්ත කොට ලිවීමයි. එහි කොටස් වශයෙන් ලියා සිය කූඩා දියණිය වූ කූඩා ඉන්දිරාට එවීමට ද එතූමා අමතක කලේ නැත. හිරගෙදර ගතකල විවේක කාළයේ දීම ඔහු සිය චරිතාපදානයද එලි දැක්වීමටද ඔහු සමත් වීය.


ක්‍රි.ව. 1935 දක්වා වරින් වර දඟගෙයි විසූ කාලය වටිනා කෘතීන් රාශියක් ලිවීමටද උපයෝගී කර ගති. විසි වසරකට වැඩි කලක් ඉන්දියාවේ නිදහස වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතූ කළ එතූමා දේශානුරාගය, අසාධාරනයට විරුද්ධව නැගී සිටීම , අවංක බව, මහන්සිවී වැඩ කිරීමේ ශක්තිය, සත්‍යගරුක බව වැනි කැපී පෙනෙන ගූණ සමුදායක් සහිත අයකු වීය. ගාන්ධිතූමාගේ අවිහිංසා ධර්මය නේරුතූමා ද අනුගමනය කළේය. නිදහස ලැබීමෙන් පසුව ඉන්දියාවේ ප්‍රථම රාජ්‍ය නායකයා බවට පත්වීය.


1947-1964 දක්වා ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරය දරමින් අසල්වැසි ආසියාතික රටවල් සමඟ මිත්‍රශීලී ප්‍රතිපත්තියක් ගෙන යාමටද කටයුතු කළේය. පංචශීලී ප්‍රතිපත්තිය, නේරුගේ දර්ශනය ලෙස කැපී පෙනෙන අතර නොබැඳි ජාතීන්ගේ සමුඵව බිහි කිරීමේදී පුරෝගාමී වූයේද එතූමායි. නිදහස් ඉන්දියාවේ සංවර්ධනයට බෙහෙවින් උපකාරී වූ පස් අවුරුදු සැලැස්ම පිළිබඳ යෝජනා ක්‍රියාත්මක වූයේද එතූමාගේ මග පෙන්වීම යටතේයි. දේශානුරාගයෙන් කැපවීම, රාජ්‍ය තාන්ත්‍රික දර්ශනය , දුරදක්නා නුවණ , මාර්ගෝපදේශකත්වය හා අවංක භාවය නේරු චරිතයේ වටිනා චරිතාංග ලෙස ගෙන හැර දැක්වීමට පුඵවනි.

(c) Shilpa Sayura Foundation 2006-2017