භාණ්ඩ හා සේවා නිෂ්පාදනය
 

භාණ්ඩත් සේවාත් වශයෙන් නිෂ්පාදනය දෙයාකාරයකින් සිදු වේ. මෙහිදි භෘණ්ඩ නිෂ්පාදනය නිර්කර්ශක (extractive) නිර්මාණයක (constructional) යනුවෙන් යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය. ස්භාව ධර්මයෙන් ලැබෙන ද්‍රව්‍ය මිනිස් පරිශ්‍රමයෙන් උකහා ගැනිමට අදාල කර්මාන්ත නිෂ්කර්ෂක කර්මාන්ත (extractive industries) වේ ඒවා කෘෂි ඛානක ධීවර, හා වනජ යනුවෙන් අනුකොටස් වලට බෙදේ. කෘෂි නිෂ්පාදනයන්ට ධාන්‍ය එළවළු ආදි ගොවිතැන්ද, තේ, රබර්, පොල්, කුරුදු, ගම්මිරිස් යනාදි වගාද කිරි, බිත්තර, මස් ආදි සත්ව පාලන (animal husbandry) ද ඇතුළත් වේ. ඛනක (mining) industries) කර්මාන්තය යන්න පොළව කැනිමෙන් ලබා ගන්නා යපස් , මිනිරන, මැණික්, ඛණිජ තෙල් යනාදියද ධිවර (fisheries) කර්මාන්තය යන්න‍ට මසුන් බෝකිරම හා ඇල්ලිමද, වානිජ (forestry) කර්මාන්ත යන්ට දැව, දර, මල්, ඵල, ආදියද වනයෙන් ලබා ගැනිමද ඇතුළත් වේ.




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


පෙරළුම්, යැපුම්, වශයෙන් නිර්මාණක (constructional) කර්මාන්ත කොටස් දෙකකට බෙදේ. ඉහත සදහන් කල නිෂ්කර්ෂක කර්මාන්ත වලින් ලබා ගන්නා ද්‍රව්‍ය වල ‍ස්භාවය වෙනස් කර භාණ්ඩ නිපදවිම පෙරළුම් කර්මාන්තය ලෙස හැදින් විය හැකිය. උක් දඩුවලින් සීනි නිෂ්පාදනය කර දැව වලින් ලී බඩු සැදිම සම වලින් පාවහන් ගමන්මලු ආදිය සැකසීම, සිලිකා වලින් වීදුරු සැදිම නිදසුන් වේ. ඉහත සදහන් කළ පෙරළුම් කර්මාන්තවලින් නිපදවු ඇත‍ැම් භාණ්ඩත් නිෂ්කර්ෂක කර්මාන්තවලින් ලබා ගත් ද්‍රව්‍යයත් ඒකරාශි කිරිමෙන් ඇති කෙරෙන නිර්මාණ ගැළපුම් හෙවත් එකලස් (assembling) කර්මාන්ත වේ. මොටර් රථ, ගොඩනැගිලි, පිහිනුම් තට‍ාක, දුම්රිය මාර්ග නිදසුන් වශයෙන් දැක් විය හැකිය. කෙසේ වෙතත් පෙරළුම් කර්මාන්තත්ගැලපුම් කර්මාන්තත් අතර පැහැදිලි වෙනසක් දැකිම සමහර අවස්ථාවලදි අපහසුය.


සේවා, වාණිජ හා සෘජු වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. නිෂ්පාදනය කෙරුණු භාණ්ඩ බෙදා හැරිමේදි එයට අදාල වන සියලුම සේවා වාණිජ (commercial services) සේවා ගණයට ඇතුළත් වේ. වෙළද සේවා (trade services) උපකාරක සේවා යනුවෙන් වාණිජ සේවා දෙයාකාරය.


තොග වෙළදාමටත් සිල්ලර වෙළදාමටත් අදාළ භාණ්ඩ මිලට ගැනිම, එක්රැස් කිරිම, වර්ග කිරිම, විකිණිම යනාදි කටයුතු වෙළද සේවා ගණයටත් බැංකු, රක්ෂණ, ප්‍රවාහන ආදි සේව‍ා කලින් සදහන් කර ඇති පරිදි උපකාරක සේවා ගණයට අයත් වේ.


භාණ්ඩ හුවමාරු ක්‍රමයට ඇතැම් විට කෙලින්ම සම්බන්ධ නොවන එහෙත් මිනිස් වුවමනා සපුරාලිම සදහා පෞද්ගලික ව කෙලින්ම සපයන සේවා සෘජු සේවා (direct services) ලෙස හැදින්වේ. වෛද්‍ය සේවය, ආරක්ෂක සේවය, නිතිඥ සේවය යන මේවා නිදසුන් ලෙස දැක්විය හැකිය.


නිෂ්පාදනයේ ඉහත කී ‍ ප්‍රභේද පහත සදහන් රූප සටහනේ දක්වා ඇත.


(c) Shilpa Sayura Foundation 2006-2017