නිෂ්පාදන ක්‍රියාවලිය
 

මිනිස් පැවැත්ම සදහා අනිවාර්යෙන් සපුරා ගත යුතු දැ අවශ්‍යතා (needs) ලෙස හැදින්වේ. ආහාර, ඇදුම්, නිවාස යන මේවා නිදසුන් වේ. අවශ්‍යතා ඉටුකර ගත හැකි විකල්ප වුවමනා (wants) ලෙස හැදින් වේ. බත්, පාන්, ඉදි ආප්ප, රොටි, තෝසේ, තේ, කෝපි යන ආදි ආහාර නැමැති අවශ්‍යතා සපුරා ගැනිම සදහා යොදා ගත හැකි විකල්ප කිහිපයකි. ඒ විකල්ප සදහා ඇති වාරණය වුවමනා වේ. ‍එසේ ම ඇදුමි පැලදුමි නැමති අවශ්‍යතාය ඉටු කර ගැනිම සදහා යොදා ගත හැකි විකල්ප වන සරොම, කලිසම, කමිසය, සාරිය, ගවුම, මාල ,වලලු ආදි දේ සදහා ඇති වාරණ වුවමනාව වේ.

 

වුවමනා විවධ වන අතර ඒවා කාලයත් සමග වර්ධනය වේ. භාණ්ඩයක් හෝ සේවාවක් හෝ නිෂ්පාදනය කිරිමේදි භුමිය (land) ශ්‍රමය, (labour) ප්‍රාග්ධනය, ව්‍යවසාය (enterprise) යන නිෂ්පාදන ස‍ාධක හතර හෝ ඒවායින් කිහිපයක් හෝ යොදා ගැනිමට සිදු වේ. මෙම නිෂ්පාදන සාධක භාණ්ඩ හෝ සේවා හෝ නිෂ්පාදනය කිරිම සදහ‍ා යොදා ගැනෙන විට ඒවායේ හිමිකරුවනට බදු කුලි, වැටුප්, පොළි හෝ ලාභ හෝ වශයෙන් ගෙවිම් කිරිමට සිදු වේ. ඒ අනුව භෘණ්ඩයක පිරිවැය යනු එය නිෂ්පාදනය සදහා නිෂ්පාදනය කිරිම සදහා යොදා ගත් නිෂ්පාදන සාධක වෙනුවෙන් කළ ගෙවිම්වල එකතුව වේ. භාණ්ඩයක වටිනාකම යනු එය වෙළද පොළේ අලෙවි වන මිලයි. වෙළද පොළේ පවතින ඉල්ලුම හා සැපයුම මත භාණ්ඩයක වෙළද පොළ මිල තීරණය වේ. භාණ්ඩයක පිරිවැයක් එහි වෙළද පොළ මිල හෙවත් වටිනාකමත් අතර වෙනසක් පැවැතිය හැකිය. භාණ්ඩයක සැපයුමට සාපේක්ෂ එහි ඉල්ලුම ඉහළ අගයක් ගන්නා විට ඒ භාණ්ඩයට තීරණය වන මිල එහි පිරිවැයට වඩා ඉහළ අගයක් ගනි.



(c) Shilpa Sayura Foundation 2006-2017