වාණිජ්‍යයේ කාර්ය භාරය
 

අතිතයේදි මිනිස් වුවමානා සපුරාගන්නා ලද්දේ භාණ්ඩ හුවමාරු ක්‍රමයෙනි. (barter system) නිදසුනක් වශයෙන් දැක්වුව හොත් ධාන්‍ය‍ නිෂ්පාදකයකුට‍ ගවයකු අවශ්‍ය වුවහොත් ඔහු කළේ ගවයන් ඇති එසේම ධාන්‍ය අවශ්‍ය පුද්ගලයකු සොයා ගොස්, ඔහුට ධාන්‍ය දි ගවයා ලබා ගැනිමයි. එසේ හුවමාරුවක් සිදුවිමට නම් දෙප‍ාර්විමට නම් දෙප‍ාර්ශවය අතර අතිරික්තයක් තිබිම අවශ්‍ය විය. ඒ හැරුණු කොට භාණ්ඩ හුවමාරුවේදි නොයෙකුත් දුෂකරතාවලට මුහුණ පෑමට සිදු විය. මුල්ම ගැටලුව වුයේ සම්පාත (coincidence of wants) වන පුද්ගලයන් සොයා ගැනිම දුෂ්කර විමයි.

 

හුවමාරුවට සම්බන්ධවන දෙපාර්ශවයේ අවශ්‍යතා අන්‍යෝන්‍ය වශයෙන් ගැලපිම අපහසු විමයි. දෙවනි ගැටලුව වුයේ හුවමාරුවට අදාල භාණ්ඩවල වටිනාකම මැනිමයි. එහිදි හුවමාරුවට සම්බන්ධ වන පුද්ගලයන් දෙදෙනා‍ෙගන් එක් අයකුට වාසි විම‍ටත් අනෙක් පුද්ගලයාට අවාසි විමටත් ඉඩ තිබිණ. ඒ නිසා භාණ්ඩ හුවමාරුය කරගෙන යැම‍ට දුෂ්කර වු හෙයින් හුවමාරු මාධ්‍යයක අවශ්‍යතාවය මතු විය. ඒ අවශ්‍යතාවය පිරිමැසුනේ මුදල් වලිනි. මුදල භාවිතයත් සමග හුවමාරු කටයුතු පහසු වි වෙළදාම දියුණු විය.


ඒ සමගම වෙළදාමට ඉවහල් වන බැංකු, ප්‍රවාහන, රක්ෂණ, සන්නිවේදනය යනාදි කටයුතු වලද දියුණුවක් ඇති විය. එලෙස ව්‍යාප්ත වන වෙළදාමත් එයට අදාල වන වෙළදාමත් එයට අදාල වන උපකාරක සේවා සියල්ලත් වාණිජ්‍ය යන්න ඇතුළත් වේ. ඒ අනුව අමු ද්‍රව්‍ය මිලට ගැනිමත් පාරිභෝගිකය‍ාට නිෂ්පාදන විකිනිමත් ඒවාට ඉවහල් වන බැංකු, ප්‍රවාහන, රක්ෂණ, සන්නිවේදනය,ගබඩාකරණ, යන උපකාරක සේවාත් වාණිජ්‍යයට ඇතුළත් වේ. වර්තමානයේ දි භාණ්ඩ නිෂ්පාදනය බහුල වශයෙන් මහා පරිමාණ පදනම මත කෙරෙන බැවින් ඒකි සියලු භාණ්ඩ පාරිභෝගිකයා අතට කෙලින්ම පත් කිරිමට නිෂ්පාදකයාට නුපුළුවන. ඒ නිසා වාණිජ්‍යයේ මුලික අංගයක් වන වෙළදාම මගින් නිෂ්පාදකයාත් පාරිභෝගිකයාත් අතර සම්බන්ධතා ගොඩ නැගිමෙන් එයට විසදුමක් ලැබේ. මේ සදහා තොග වෙළෙන්දා (Wholesaler) සිල්ලර වෙළෙන්දා (Retailer) නියෝජියා (agent) ආදි අතර මැදියෝ සහය වෙති. වෙළදාම, මුලික වශයෙන් දේශිය (internal),විදේශිය ( foreign) යනුවෙන් කොටස් දෙකකට බෙදේ. දේශිය වෙළදාම යනු යම් රටක් තුළ සිදු වන, භාණ්ඩ හා සේවා මිල‍‍ට ගැනිම‍ හා විකිණිමේ ක්‍රියාවලියයි. දේශිය වෙළදාම තොග,සිල්ලර යනුවෙන් කොටස් දෙකක‍ට බෙදිය හැකිය. නැවත විකිණිමෙන් අදහසින් භාණ් මිලට ගන්නවුන්ට කරන විකිණිම තොග වෙළදාමයි. අවසාන පාරිභෝගික අවශ්‍යතා සපුරා ලිම පිණිස භාණ්ඩ විකිණිම සිල්ලර වෙළදාමයි. විදේශිය වෙළදාම යනු යම් රටක දේශ සීමාවෙන් බැහැරව සිදුවන භාණ්ඩ හා සේයා මිලට ගැනිමෙත් විකිණිමෙත් ක්‍රියාවලියයි. එය, ආනයන, අපනයන, යනුවෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. විදේශිය රටකින් භාණ්ඩ හා සේවා මිලට ගෙන්වා ගැනිම ආනයන (import) වෙළදාමටද විදේශ රටකට භාණ්ඩ හා සේවා මිලට යැවිම අපනයන (export) වෙළදාමටද අයත් වේ. නුතන ලෝකයේ සංකිර්ණ වුවමනා සපුරාලිම සදහා අවශ්‍ය සියලුම සම්පත් වලින් සම්පුර්ණ කිසිම රටක් නොමති හෙයින් විදේශ දේශිය වෙළදාම වැදගත් වේ. දේශිය හා විදේශීය වශයෙන් වෙළදාම ව්‍යාප්ත විමත් සමග ‍ගනුදෙනු පියවිම සම්බන්ධයෙන් නොයෙකුත් ගැටලු මතු විය. මෙහි දි වෙළද කටයුතු සාර්ථකව පවත්ව‍ාගෙන යාම සදහා බැංකු, ප්‍රවහන, රක්ෂණ යනාදි උපකාරක සේවාවල අවශ්‍යතාව පැන නැගිණි.

 

බැංකුවක් මහජනයාගේ තැන්පතු (deposits) භාර ගැනිම, ඒවා ආරක්ෂා කිරිම, ණය පහසුකම් සැපයිම යන ආදි කටයුතු කරන ආයතනයකි. එලෙස කටයුතු කරමින් විවිධ පද්ගලයන්ගේ ඉතුරුම් එක් රැස් කර, ඒවා ඵලදායි කටයුතු වල යෙදවිම සදහා බැංකු උපකාරි වේ. වෙළද ව්‍යාපාර කටයුතු කරගෙන ය‍ාමේදි කලට වෙලාවට මුදල්‍ නොලබිම නිසා ව්‍යාපාරිකයන්ට දුෂ්කරතා වල‍ට මුහුණ පෑමට බොහෝ විට සිදු වේ. එකි අවස්ථාවලදි අවශ්‍ය මුල්‍ය පහසුකම් සැලසිමට මෙන්ම දේශිය හා විදේශීය වෙළද කටයුතු වලදි ගනුදෙනු පහසුවෙන් හා ඉක්මනින් කිරිමට බැංකු සහය වේ. භාණ්ඩ නිෂ්පාදනය යම් යම් ප්‍රදේශලට සීමා වි ඇති හෙයින් ඒ ඒ ප්‍රදේශ වල නිපදවෙන භාණ්ඩ ලොව පුර‍ා විසිරි සිටින පාරිභෝගිකයාගේ අවශ්‍යතා සපුරාලිම සදහා ඔවුන් අතට පත් කළ යුතු වෙයි. ඒ කාර්ය සදහා ප්‍රවාහන සේවයේ අවශ්‍යතාවය පැන නගි. නිපදවු භාණ්ඩ වෙළදුන් අතට කාර්යක්ෂමව පත් කිරිමටත් පාරිභෝගිකයනට කලට වෙලාවට ලබ‍ා දිමටත් නශ්‍ය විමට හෝ යල් පැනිමට (obsolete) හෝ පෙර වෙළද පොළට ඉදිරිපත් කිරිමට උපක‍ාරි වේ. ඒ සදහා ‍ෙග‍ාඩ බිම්, ජල , ගුවන්, ප්‍රවාහන ක්‍රම යොදා ගැ‍නේ.

 

භාණ්ඩයේ ස්වරූපය, ප්‍රවාහන පිරිවැය, ගතවන කාලය ආදි ප්‍රවාහන මාධ්‍යයක් (mode of transport) තෝරා ගැනිම කෙරෙහි බලපායි. නිෂ්පාදන හා බෙදා හැරිම් කටයුතු වලදි විවිධ අවදානම් (risks) ඇති වේ. ගින්න, සොරසතුරු උවදුරු, හදිසි අනතුරු, ඒකි අවදානම් වලින් සමහරකි. ඒ අවදානම් වලින් ඇතිවන හානි , නිෂ්පාදන හා බෙදා හැරිම (distribution) කටයුතු කෙරෙහි අහිතකර ලෙස බලපාන නිසා ඒ හානි පියවා ගැනිම සදහා රක්ෂණය උපකාරි වේ. රක්ෂණයන් කෙරෙන්නේ කෙනෙකුට තනිවම විද දරා ගැනිමට සිදුවන අලාභයක් සමුහිකව බෙදා ගැනිමයි. මුහුදු වුවදුරු, ගිනි,හදිසි අනතුරු, සෙ‍ාරසතුරු, ජිවිත යන ආදි විවිධාකාර රක්ෂණ ක්‍රම වර්තම‍ානයේ දක්නට ඇත. නිෂ්පාදනයත් පරිභෝජනයත් අතර කාල පරතරයක් පවති. මහා පරිමාණ නිෂ්පාදන සිදු වන්නේ අනාගත අපේක්ෂිත ඉල්ලුම (demand) මතය. ඒ නිසා භාණ්ඩ නිෂ්පාදනය කළ විගසම ඒවා පරිභෝජනය සදහා යොදා නොගැනේ. එබැවින් පාරිභෝගික ඉල්ලුමක් ඇති වන තුරු භාණ්ඩ ගබඩා කර තබා ගැනිමට සිදු වේ.


ඒ සදහා ගබඩාකරණය ඉවහල් වේ. භාණ්ඩ රැස් කිරිම, සුරක්ෂිතව තබා ගැනිම, අවශ්‍ය අවස්ථාවල දි අවශ්‍ය ප්‍රමාණ වලින් නිකුත් කිරිම යනාදි කරණු ගබඩාතරණයෙන් සිදු වේ. නිපදව ලබන භාණ්ඩ පිළිබද ප්‍රමාණවත් දැනුමක් පාරිභෝගිකය‍ාට නොතිබිම වෙළදාමට බාධාවක් විය හැකිය. ඒ නිසා නිපදවන ලද භාණ්ඩ පිළිබද පාරිභෝගිකයා දැනුවත් කිරිම අවශ්‍ය වේ. එසේම ව්‍යාපර කටයුතු කාර්යක්ෂමව පවත්වා ගෙන යාම සදහා ඉවහල් වන තොරතුරු අදාල පාර්ශව අතර හුවමාරු කරගැනිමද අවශ්‍ය වේ. ඒ සදහා යොදා ගැනෙන්නේ සන්නිවේදනයයි. සන්නිවේදනය සදහා පුවත්පත්, ගුවන් විදුලය, රූපවාහිනිය, දුරකතනය,‍ ටෙලෙක්ස්, ෆැක්ස් යනාදි මාධ්‍ය උපයෝගි කර ගැනේ.

 

 

 

 

වාණිජ්‍යයට අදාල ප්‍රධාන කාර්ය පහත දැක්වේ.


 

(c) Shilpa Sayura Foundation 2006-2017