යුරෝපිය ජාතින් පැමිණිමට පෙර ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වුයේ රාජකාරි ක්‍රමයයි. ඒ අනුව සැම පුද්ගලයකුම අවුරුදු පතා නියමිත දින ගණනක් රජුට නොමිලේ සේවය කිරිම අනිවාර්ය විය. ස්වයංපෝෂිත ආර්ථිකයක් එකල ශ්‍රි ලංකාවේ දක්නට ලැබුණි. සෑම ගමක්ම එයට අවශ්‍ය ද්‍රව්‍ය ගම තුළින්ම නිෂ්පාදනය කර ගත්තේය. එකල මිනිසුන්ගේ අවශ්‍යතා බෙහෙවින් සරල විය. ඔවුන්ගේ ප්‍රධාන ජිවනෝපය වුයේ ෙගාවිතැනයි. එයිනුත් ප්‍රධාන ස්ථානය හිමි වුයේ වී වගාවටය. මුදල් භාවිතය අවම වශයෙන් පැවැති එකල වෙළද කටයුතු බොහෝමයක් සිදු වුයේ භාණ්ඩ හුවමාරු ක්‍රමයට ය.
ක්‍රි. ව 1505 වර්ෂෙය් සිට ශත වර්ෂ තුනක පමණ කාලයක් පෘතුග්‍රිසි ද ලන්දේසින්ද ශ්‍රි ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කළත් ඒ කාලය තුළ ආර්ථිකවේ සැළකිය යුතු වෙනසක් සිදු නොවිය. එහෙත් ක්‍රි.ව 1815 වර්ෂයේදි බ්‍රිතාන්‍යයන් ශ්‍රි ලංකාවේ ආධිපත්‍ය මුළු මනින්ම අත්පත්කර ගැනිමත් සමගම ආර්ථිකයේ පැහැදිලි වෙනස්විම් ඇති විය. ඒ වායින් ප්‍රධානම වෙනස ලෙසින් දැක්විය හැක්කේ එතෙක් පැවැති වී ගොවිතැන මුල් වු කෘෂිකාර්මික ක්‍රමයට අමතරව වාණිජ බෝගයක් (commercial) ලෙස කෝපි වගාව 1830 දශකයේදි ආරම්භ කිරිමයි. කෝපි වගාවට වැළදුනු දිලීර රෝගයක් හේතු කොටගෙන ඒ වෙනුවට තේ වගාව ආරම්භ කරන ලදි. එසේම ඒ වකවනුව තුළ පොල් ද රබර් ද වාණිජ (ව්‍යාපාරික) බෝග ලෙස වැවිම ආරම්භ කරන ලදි.
බ්‍රිතාන්‍යයන් හදුන්වා දුන් ව්‍යාපාරික කෘෂි කාර්මිය හේතු කොට ෙගන සිදු වුයේ ආර්ථික ව්‍යුහය (economic structure) ද්විත්ව ස්වරූපයක් ගැනිමයි. එනම් යැපුම් (subsistence) කෘෂිකර්මය, ව්‍යාපාරික කෘෂිකර්මය යන අංශ දෙක යටතේ ආර්ථිකය සංවිදානය විමයි. යැපුම් කෘෂිකර්මය බෙහෙවින් දෙනික පරිභෝජන අවශ්‍යතා පිරිමසා ගැනිමට පමණක් සීමා වු අතර ව්‍යාපාරික කෘෂි අංශය, අපනයන වෙළදාම (export trade) මුල් කරගෙන සංවිධානය විය. ව්‍යාපාරික කෘෂි අංශය, විදේශිය ව්‍යවසායකත්වය(foreign entrepreneurship) ද විදේශිය ප්‍රාග්ධන මත පදනම් වු අතර නිෂ්පාදන කටයුතු මහා පරිමාණ පදනම මත ක්‍රියාත්මක විය. මේ ආකාරයට ව්‍යාපාරික කෘෂිකර්මයේ ආරම්භයත් සමග ම ආනයනය හා අපනයනය මුල් කරගත් ආර්ථික රටවක් ද මෙරට ඇති විය.