මහත්මා ඝාන්ධි තුමා
 


19 වැනි සියවස මැඳ භාගය දක්වා භාරත දේශය බ්‍රිතාන්‍ය අධි රාජ්‍යයට යටත් රටක් වශයෙන් පැවතුණි.


භාරත දේශය යටත් විජිත තත්ත්වයෙන් මුදා ගැනීමට වෙර දැරූ පිරිසක් මේ යුගයේ පහළ වීය. මේ අතර අවිහිංසාව තේමා කර ගෙන ඉන්දීය දේශයේ හා ඉන්දීය ජනතාවගේ විමුක්තිය සඳහා මහත් වෙහෙසක් දැරූ වීරෝදාර පුද්ගලයක කැපී පෙනෙනවා. ඒ මහත්මා ගාන්ධි නමින් පරසිදු භාරත පුත්‍රයායි.


ක්‍රි.ව. 1869 දී කතියවාර් ප්‍රදේශයේ පෝර්බන්දාර්හි උපත ලද මෙතූමා මොහන්දාස් කරම්චානිඩ් ගාන්ධි නමින් හැඳින්වුනා. පසු කලකෙ ජනතාව අතර එතූමා , ගාන්ධි ජී , බාපු යන නම්වලින් ද හඳුන්වනු ලැබුවා.


එතූමාගේ පියා වූයේ කබා ගාන්ධිය. ඔහු රාජ්කොට් නම් ප්‍රාන්තයේ අගමැති පදවිය දැරුවෙකි. මෑණියෝ උතූම් ගූණාංග වලින් යුත් භක්තිමත් කාන්තාවක්. ගානධි චරිතාපදානය නම් ඔහුගේ ජීවිත කතාව කියවා එතූමා උගතකූ කිරීමට එතූමාගේ පියා දැරූ වෑයම තොරතූරු දැන ගත හැක.



ගූරු දෙගූරුන්ගේ සිත් නොරිදවීම , කීකරු වීම එතූමා සිය වගකීමක් හා යුතූකමක් ලෙස හැම විටම සැලකූවේය. ජීවිතයේ ස්වර්ණමය අවධිය වූ කුඩා කාළයේදී  දෙමාපියන් අධ්‍යාපනය සඳහා වැය කරන ධනයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට එතූමා අමතක කලේ නැහැ.


පාසැල් ජීවිතය අවසන් කල ගාන්ධි තූමා වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ දී ය. එහි දී නීතිවේදියෙකු වශයෙන් උපාධිය ලබා අධ්‍යාපනය නිම කරනු ලැබුවේය. එංගලන්තයට ඉගෙනීමට යාමේදී සිය මෑණියන් ඉදිරියේ මත්ස්‍ය මාංශ අනුභවයෙන් හා මත්පැන් භාවිතයෙන් තොර ජීවිතයක් ගත කිරීමට ප්‍රතිඥා දුන් මහත්මා ගාන්ධි, ඒ පොරොන්දුව දිවිහිමියෙන් සුරැකීම විශේෂ ලක්ෂණයක් විය. අවංකකම , සත්‍යවාදී බව , ආගමික භක්තිය , අවිහිංසාව , කරුණාව , චාම් බව , වැනි උතූම් ගූණාංග එතූමාගේ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණ කීපයකි. මෙම වැදගත් ගූණාංග සහ චරිත ලක්ෂණ අප සැමගේ ජීවිතවලටද හුරු කර ගැනීම ඉතා වටිනා දෙයකි.


එංගලන්තයේ සිට සිය මව් රටට ආපසු පැමිණි ගාන්ධි තූමා නීතිවේදියෙකු ලෙස ජීවිතය ආරම්භ කළේය. එතූමාගේ ජීවිතයේ තීරණාත්මක වෙනසකට හේතූ වූයේ ඔහුගේ දකූණු අප්‍රිකාණු සංචාරයයි. දකූණු අප්‍රිකාවේ සුදු ජාතික පාලකයින් විසින් එහි විසූ ඉන්දීය ජාතිකයන්ට බෙහෙවින් අසාධාරණ ලෙස කටයුතූ කළෝය. ඟාන්ධි තූමා දේශපාලන ව්‍යාපාරයට ඇදී ඒමට ඒ කරුණ හේතූ විණි.


ක්‍රි.ව. 1914 දී එතූමා ආපසු ඉන්දියාවට පැමිණියා. ඉන්දීය දේශයේ නිදහස් සටන සඳහා මූලිකත්වය ගත්තේ ඉන් පසුවයි. ඉන්දියාව , ජාති , භාෂා , ආගම් , කූල , ගෝත්‍ර ලෙස විවිධත්වයක් ඇති රටක් , ඉන්දියානු ජනතාව එකම සිතූම් පැතූම් , සමුදායකට ගෙන ඒමට එතූමා විශාල උත්සාහයක යෙදුණි. සමානාත්මතාව අගය කළ එතූමා සෑම වෘත්තියකම වටිනාකම අගය කළේය. එතූමා හැම විටම පරාර්ථ සේවය ආදර්ශයෙන්ම පෙන්වා දුන්නේය.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

එතූමාගෙන් ඉන්දියාවට විශාල සේවයක් වූ අතර සෙසු ජන නායකයින් හා එක් ව ඉන්දියාවේ ආර්ථික තත්ත්වය නංවාලීමටද කටයුතු කළේය. තම රෙදිපිළි තමා විසින්ම වියා ගැනීමට එතුමා ඉදිරිපත් වූයේත් ඒ නිසයි. අනිකුත් ඉන්දියානුවන් ද ඒ සඳහා පෙළඹවීමේ උදාර අධිශ්ඨානයක් ඔහු තූල පැවතිණි.

යටත් විජිත පාලන කාළය තූලදී පරිහානියට පත්ව තිබූ ඉන්දියාවේ අධ්‍යාපන තත්ත්වය නංවාලීමටද එතූමා මූලිකත්වය ගත් අතර ආර්ථික වර්ධනය , ඥාන වර්ධනය හා සුචරිත වර්ධනයට ගැලපෙන නව අධ්‍යාපන පිළිවෙතක් සංකල්පනය කිරීමට එතූමා මූලිකත්වය ගත්තා. හින්දු මුස්ලිම් සමගියක් ඇති කිරීමට ද එතූමා මහත් උත්සාහයක් දැරු අතර, අභ්‍යන්තර භේද ඇතිවීම රටේ දියුණුවට බාධකයක් වන බව එතූමා ජනතාවට අවබෝධ කර දුන්නා.


රට තූල එදා පැවති බ්‍රිතාන්‍ය පාලනයේ සිවිල් නීති කඩ කරමින්, රට වෙනුවෙන් වරින් වර සිරබත් කමින්ද, ඉන්දීය දේශයේ නිදහස වෙනුවෙන් තම ජීවිත පරාත්‍යාගයෙන් කටයුතූ කිරීමට එතුමා කටයුතු කළේය. එතූමාගේ අවංක හා කාරුණික වචන භාරත ජනතාව එතූමා කෙරෙහි වසඟ කරවීමට සමත් වූ අතර. එතූමාගේ නිදහස් ව්‍යාපාරයේ අවිය වූයේ අවිහිංසා වාදයයි.




ක්‍රි.ව. 1947 දී භාරත දේශය නිදහස් රාජ්‍යයක් බවට පත් කර ගැනීමට ගාන්ධිතූමාගේ අප්‍රතිහත ෛධර්යයත් කැපවීමත් ඉවහල් වූ බව අපට පැහැදිලියි. ඔහුගේ උදාර පරමාර්ථය වූයේ තම දේශයේ විමුක්තිය ලබා ගැනීමයි. බල ලෝබිත්වයෙන් රාජ්‍ය නායකත්වය ලබා ගැනීම එතූමා කිසි විටකෙත් අපේක්ෂා කල බව මෙහිදී අමතක නොකල යුතූය. නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති පදවියට ශ්‍රී ජවහර්ලාල් නේරු පත්වූයේ මහත්මා ගාන්ධිතූමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ යි.

ඉන්දියාව නිදහස ලබා වැඩි කලක් යන්නට මත්තෙන් ක්‍රි.ව. 1948 දී ගොඩ්සේ නම් අන්තවාදී ඉන්දියානුෙවකූගේ වෙඩි පහරකින් එතූමා ජීවිතක්ෂයට පත් වුනා. මිය යාමට මොහොතකට පෙර අනේ ඒ මෝඩ පුද්ගලයාට හිංසාවක් නොකරන්න යනුවෙන් කල ප්‍රකාශයෙන් වටහා ගත හැක්කේ අවිහිංසාව හා කරුණාව යන ගති ලක්ෂණ එතූමාගේ හදවත තූලටම කිඳා බැස තිබූ බවයි.


නිහතමානී බව , සරළ දිවි පෙවත , අවිහිංසාව , සත්‍යවාදී බව , කරුණාව වැනි ගූණාංග මුළු මහත් ලෝවැසියන්ට ම එතූමාගේ ජීවිතයෙන් ගත හැකි ආදර්ශයන් බවද කිව හැක.


අද සමාජයේ ජීවත් වන අපට විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදුවෙනවා. එවැනි අවස්ථාවලදී ක්‍රියා කල යුතූ අන්දම පිළිබඳව ගාන්ධි චරිතයෙන් මඟ පෙන්වනවා. සරළ ජීවිතයක් ගත කිරීමේ වැදගත්කම ඒ චරිතයෙන් අපට ගත හැකි හොඳම ආදර්ශයයි. ඒ සමගම අවිහිංසාවෙන් ජය  ගැනීමට හැකි බව හොදින් පැහැදිලි වෙනවා.

(c) Shilpa Sayura Foundation 2006-2017