කාර්මික විප්ලවය හා එයින් පසු ඇති වු මුලික වෙනස්විම්
 

කාර්මික විප්ලවයට පසුව බ්‍රිතාන්‍ය වැසියන්ගේ ප්‍රධාන ජිවනෝපය වුයේ කෘෂිකර්මයයි. එයට අමතරව සුළු උපකරණ භාවිතා කරන ගෘහ කර්මාන්ත (cottage industries) ද දක්නට ලැබිණි. මෙම සියලුකටයුතු සංවිධානය කෙ‍රුණේ හුදෙක් තම අවශ්‍යතා සපුරා ගැනිම පිණිසය.



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

18 වන ශත වර්ෂයේ මැද භාගයේ සිට 19 වන ශත වර්ෂයේ මුල් භාගය තෙක් එංගලන්තයේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇති වු මුලික විපර්යාස කාර්මික විප්ලවය යනුවෙන් හැදින්වේ. කාර්මික විප්ලවය හේතු කොට ගෙන එතෙක් පැවැති නිෂ්පාදන කටයුතුවල මුලික වෙනස් විම් දෙකක් ඇති විය. නිෂ්පාදන ක්‍රියාවලියේ (production process) තාක්ෂණික (technological) අංශයේ සිදු වු වෙනස පළමු වැන්නයි. ඒ අනුව එතෙක් අතින් කළ නිෂ්පාදන කටයුතු සදහා යන්ත්‍රෝපකරණ භාවිතය ආරම්භ විය. නිෂ්පාදන සංවිදාන ක්‍රමයේ (method of organization) ඇති වු වෙනස දෙවැන්නයි. එහිදි නිෂ්පාදන කටයුතු සදහා එතෙක් පැවැති ගෘහ්‍ය ක්‍රමය වෙනුවට කම්හල් (factory) ක්‍රමය බිහි විය.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කාර්මික විප්ලවය ක්ෂණික ඇති වුවක් නොවේ. කාර්මික හා වාණිජ ව්‍යුහයේ (industrial and commercial structure) ක්‍රමයෙන් ඇති වු නව්‍යතා(innovations) එයට හේතුවු විය. මෙහි මුලාරම්භය ලෙස සැලකෙන්නේ එංගලන්තේ පේෂ කර්මාන්තය (textile industrial) ක්ෂේත්‍රයේ ඇති වු නවතා ය. ජල වාෂ්ප බලයෙන් (stem power) ක්‍රියා කරන යන්ත්‍ර සුත්‍ර යොදා ගැනිම නිසා පේෂ කර්මාන්තය මෙන්ම අනෙකුත් කර්මාන්තද බෙහෙවින් දියුණු විය. මෙසේ සිදු වු කාර්මික විප්ලවය නිෂ්පාදන ක්ෂේත්‍රයේ වෙනසක් ඇති කිරිමට හේතු වුවා පමණක් නොව සමජෙ අංශය ද වෙනස් කිරිම් රාශියක් ඇති කිරිමට සමත් විය ඒවා අතුරින් පහත සදහන් වෙනස්විම් විශේෂයෙන් වැදගත් වේ.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මහ පරිමාණ නිෂ්පාදන :- (large scale production) කර්මාන්තශාලා තුළ යන්ත්‍රෝපකරණ භාවිතා කරමින් විශාල වශයෙන් නිෂ්පාදනය කිරිම මහ පරිමාණ නිෂ්පාදන ප්‍රතිඵලයක් වශයෙන් නිෂ්පාදන අතිරික්තය (surplus) බිහිවිය. ඒ නිෂ්පාදිත අතිරික්තය අලෙවි කිරිම සදහා ගත් ක්‍රියා මාර්ග තුළින් වාණිජ්‍යයේ අතිරික්තය ඇති වු සේ සැලකිය හැකිය.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ප්‍රග්ධනය මුල් කරගත් නිෂ්පාද බිහිවිම :- ගෘහ්‍ය කර්මාන්ත ලෙස අතින් කරන ලද නිෂ්පාදන කටයුතු සදහා විශාල ප්‍රග්ධන අවශ්‍යතා ඇති නොවිය. එහෙත් යන්ත්‍රෝපකරණ භාවිතා කරමින් කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු ඇරඹිම සදහා ප්‍රග්ධනය විශාල වශයෙන් අවශ්‍ය විය. නිෂ්පාදකයාගේ අරමුණ වුයේ වෙළද පොළ සදහා භාණ්ඩ නිපදවා ලාබ (profit) ලැබිමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රග්ධන (capital) හිමි බොහෝ දෙනකු කම්හල් හිමියන් වු අතර එසේ නොවුවන්ගෙන් බොහෝ දෙනා කම්හල්වල සේවයන් ලෙස කටයුතු කළහ.



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මුදල් භාවිතය :- මහා පරිමාණ නිෂ්පාදන නිසා ද්‍රව්‍ය මිලට ගැනිම, සේවක වැ‍ටුප් ගෙවිම, භාණ්ඩ විකිනිම යනාදිය නිසා මුදල් භාවිතය වඩාත් ප්‍රචලිත විය.

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මිල ක්‍රමය :- මිල ක්‍රමයේ භාවිතය කාර්මික විප්ලවය සමග ව්‍යාප්ත විය. නිෂ්පාදන අතිරික්තයේ මිල වෙළද පොළ තුලින් තීරණය විය. පාරිභෝගිකයන් භාණ්ඩ මිලට ගැනිමත් නිෂ්පාදකයන් භාණ්ඩ වෙළද පොළට සැපයිමත් සිදු වුයේ එකි මිල මතය.

(c) Shilpa Sayura Foundation 2006-2017