17. උදාර වන්නම
 
රජ නිරිඳෙකුගේ උදාර ගමන් විලාසය අළලා ගොඩනැගුනු වන්නමකි.

තාලරූපය : මැදුම් තනිතිත
 බෙරපදය :
තකුඳ ගජිං ජිං කඩතක
 

 තානම :
  තම්දාන තම් දානෙන තම් ද නා නා - තම්
 දානතන තම් දානෙන තම් ද නා නා
 
 ගීතය :
  සදා බරණ පළදා සිවුසැටෙ කී - පුර
 සඳා ලෙසින් නැගී වාහන ඇතෙ කී
 බෙදා සිවුරඟින් පාබල පෙළ කී - රඟ
  නඳා හඬ ගිඟුම් පසතුරු නොයෙ කී
 විදා යන ගමන් පුද පෙරහැරෙ කී - රජ
 පුදා පෙරගමන් රඟ සිවුසැටෙ කී
  එදා ගරු සිතින් වැඩි පුරවරෙ කී - යෙදූ
 උදාර වන්නම පෙර මේ ලෙස කී
 
 
කස්‌තිරම :
 
ජිකුතක තරිකිට කුංදත්
 ගජිංත ගත්ජිත් කුංදත්
 තකුතක තරිකිට කුංදත් තා
 
 සීරුමාරුව :
 
තකට දොදොම් තා කඩතක තරිකිට
 තකට දොදොම් තා
 
 අඩවුව :
 තා තරිකිට තකු ජෙනකිට///
 රතකු ජිජිත් ///
 තා දොංගඩ කටතක
 රතකු ජිජිත් තා
ප්‍රස්‌ථාරය :