15. සූරපති වන්නම
 
ඊශ්වර දෙවියන් ගැන ලියැවුණු වන්නමකි.
තාල රූපය : මැදුම් මහ දෙතිත
 බෙර පදය : තකුං ජිංජිං තකට දොංතක
 
 තානම :
 තනා නත්තම් දන තනම් දන - තානෙ නත්තම් දාන තනතම්
 ද - න තාම් ද - නා - නා
 
 ගීතය :
 ශ්‍රියා මත්පති උමග නාදෙව් නැතිව විලි සෝකයෙන් ඉසුරිදු
 ද්වේ - ස වෙලා ගති
 ශියා කොතැනද නැතිව දැනුමක්‌ සෙවූ කල ලැබුණා එදෙව්දු
 තෝස මනා රුති
 කියා රඟනද තාලයෙන් වර්ණයක්‌ ගෙනහැර පෑව එසුරිදු
 කේස සරඹ නිති
 නයා කරවට දරණ සුරිදුගෙ වර්ණයක්‌ ගෙන පෑව පරසිදු
 වන්නම සුර පති
 
 කස්‌තිරම :
 රුඳග ජිංතක තකට කුංදත්
 තග්ග ජිංතක තකට කුංදත්
 රුඳග ජිංතක තකට කුංදත්
 දෝං තා
 
 සීරුමාරුව :
 දොමිත දොමිතක්‌ දොමිත දොමිතකු
 තා තක්‌කඩ තකට කුංදත්
 දොමිත දොමිතක්‌ දොමිත දොමිතකු
 තකට තා
 
අඩවුව :
 
ක්‍රතත් තත්තත් ක්‍රතත් කඩදොං තරිකිට
 තතත් ජික්‌කුං කඩතරි කිට තැහිං
 ක්‍රතක්‌ තැහිං තැහිං
 තැහිං තැහිං තතත් ජික්‌කුං
 ජික්‌කුං ජිතත් ජිංතරි ජිතරි ජිජිතරි
 ක්‍රතක ජෙන කුං තරිකිට ගත්තරි කිට තැහිං
  ප්‍රස්‌ථාරය :
(c) Shilpa Sayura Foundation 2006-2017