මෝටර් රථ ක්ෂය
 

ගිණුම් තැබිමේ ක්‍රම දෙක මගින් එකිනෙකට වෙනස් ආකාරයේ තොරතුරු ලැබෙන බව පැහැදිලි වේ. ක්ෂය ගිණුම් තැබිම සදහා ක්ෂය වෙන්කිරිම් ගිණුමක් භාවිතා කෙරේ නම් අදාළ වත්කම් සම්බන්ධයෙන් යම් නිශ්චිත දිනකට ක්ෂය කර ඇති මුළු ප්‍රමාණය හෙවත් සමුච්චිත ක්ෂය (cumulative / aggregate depreciation) පහසුවෙන් හදුනා ගත හැකිය. එසේ ම සැම විටක ම වත්කමේ පිරිවැය වත්කම් ගිණුමෙන් එළිදරව් වෙයි. වර්ෂයේ ක්ෂය ප්‍රමාණය වත්කම් ගිණුමට බැර කෙරේ නම් වත්කම් ගිණුමෙන් සැම විටම පෙන්නුම් කෙරෙන්‍ේ වත්කම් ලියා හළ අගය යි. සමුච්චිත ක්ෂය ප්‍රමාණය ද වත්කමේ පිරිවැය ද ගිණුම් මගින් සෘජුව ම පෙන්නුම් නොකෙරේ. මේ කරුණු ද ඓතිහාසික පිරිවැය සංකල්පය ද සැලකිල්ලට ගත් කල ක්ෂය සම්බන්ධ ගිණුම් තැබිමේ ක්ෂය වෙන් කිරිම් ගිණුමක් භාවිතා කිරිම වඩා යෝග්‍ය සේ පෙනේ. කෙසේ වෙතත් ආයතනයකට සුදුසු ක්ෂය ගිණුම් තැබිමේ ක්‍රමය සහ ප්‍රතිපත්ති තීරණය කිරිම කළමනාකරණයේ කාර්ය වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017