14. ඊරඩි වන්නම
 
යුධ හේවායෙකුගේ ගතිගුණ අලලා ලියැවුණු වන්නමකි.
 ***සැයු : ඊරඩි වන්නම මැදුම් තනි තිත තාල රූපයටද නටනු ගයනු ලබයි. එසේ මැදුම් තනි තිතට ගැයීමේදී මැදුම් තනි තිතට අයත් බෙරපද, කස්‌තිරම්, සීරූමාරු, අඩවු භාවිතා කරන්න.
 

 තාල රූපය :
දෙසුළු මැදුම් තුන්තිත
 බෙර පදය : දොංතකු දොංතකු දොංජිං ගත්තක ජිංකඩ තක
 
 තානම :
 තංන තනතා නංන තනතා නංන තනතා නා තනම් දන
 තෙයි තංන තා නංන තනනා තංන තනතා නා තනම් දන
 
 ගීතය :

 ඇන්න කගපලියෙන් ද මුණ අවියෙන්ද කැට මුගුරින් ද වලතඩි
 ගන්න නෙකතුරඟුන් ද අලි ඇතුගෙන් ද බලපිරිසෙන් ද ගොරහැඩි
 දන්න සරඹ වැනුම් ද ගෙන එඩියෙන් ද රජමැරුවෙන් ද වී පොඩි
 දුන්න සැර අවියෙන් ද එබන්දුලයින් ද පඬි යෙදූ වර්ණ ඊරඩි
 
 කස්‌තිරම :
 
තැහිං තකු තෙහිං තකු තැහිං ජිංගත ///
 කුංතක ජිංකුඳ ගජ්ජිං තක තරිකිට
 කුකුඳත් තහර්ජිත් ගත්තත් ජිගත
 ජෙජ්ජෙං කුංදත් තා
 
 
සීරුමාරුව :
 
තකට දොද්දොං තා තක්‌කඩ තකට දොද්දොං තා
 
 
අඩවුව :
 
තත්ත තරිතරි තතරි තරිතරි
 රුඳක ජිමිජිමි තිතිත් තෙයි
 තතත් ජිත්ජිත් තොතොං නං නං
 රුඳක ජිමිජිමි තිතිත් තෙයි