ස්ථාවර වත්කම් ලියා හළ අගයට පවත්වා ගැනිම
 

මේ ක්‍රමයේ දි ක්ෂයට ප්‍රමාණය ගණනය කර, එය වත්කම් ගිණුමට බැර කර ක්ෂය ගිණුමට හර කෙරේ. ක්ෂය ගිණුමේ ශේෂය වියදමක් ලෙස ලාභලාභ ගිණුමට වාර්ෂික ව මාරු කෙරේ. මෙහි දි වත්කම්, පිරිවැයෙන් ක්ෂය අඩු කළ වටිනාකමට, එනම් ලියා හළ අගයට ගිණුම්වල සැම විටම දැක් වේ.

නි.ද. ව්‍යාපාරයක් මෝටර් රථයක් අත්පිට මුදලට රු 105 000කට 1994.01.01 දින ගෙන ඇත. ඒ මෝටර් රථයේ ඇස්තමේන්තු ඵලදායි ජිව කාලය අවුරුදු 10ක් වන අතර ඇස්තමේන්තු සුන්බුන් අගය රු 5 000කි. ව්‍යාපාරය සරල මාර්ග ක්‍රමය මත වාර්ෂික ක්ෂය ගණනය කරයි. ව්‍යාපාරයේ වාර්ෂික ක්ෂය විම වත්කම් ගිණුමට බැර කෙරේ යැයි සැලකුව හොත් අදාළ ද්විත්ව සටහන පහත සදහන් පරිදි වනු ඇත.

වත්කමේ ක්ෂය ප්‍රමාණය ගණනය කිරිම

ක්ෂය කළ හැකි අගය               =       පිරිවැය - සුන්බුන් අගය
                                                =       105 000 – 5 000
                                                =       100 000
මේ අනුව වාර්ෂික ක්ෂය ප්‍රමාණය          =       100 000
                                                               10
                                                =       රු 10 000

                                                පොදු ජ’නලය

 

මෝටර් රථ ක්ෂය ගිණුම       හර
  මෝටර් රථ ගිණුම
මෝටර් රථයට අදාළ වාර්ෂික ක්ෂය සටහන් කිරිම

රු
10 000

 

10 000

රු

10 000

 

10 000

 

ලාභලාභ ගිණුම                      හර
  මෝටර් රථ ක්ෂය ගිණුම
මෝටර් රථ වාර්ෂික ක්ෂය ලාභලාභ ගිණුමට මාරු කිරිම

ඉහත ජ’නල සටහන් ගිණුම්ගත කරන ආකාරය පහත දැක්වේ.

                                                මෝටර් රථ ගිණුම

 

1994.01.01

 

1995.01.01

 

මුදල්

 

ශේෂය ඉ/ගෙ

රු
105 000

105 000

  95 000

 

1994.12.31

 

මෝටර් රථ ක්ෂය

ශේෂය ප/ගෙ

රු
  10 000

 

  95 00
105 000

                                      මෝටර් රථ ක්ෂය ගිණුම

 

1994.12.31

 

මෝටර් රථ

රු
10 000

 

1994.12.31

 

ලාභලාභ ගිණුම

රු
10 000

                                      ලාභලාභ ගිණුම

 

මෝටර් රථ ක්ෂය

රු
10 000

 

රු

මෝටර් රථයේ ඵලදායී ජීව කාලය අවසන් වන තෙක් ක්ෂය වශයෙන් රු 10 000ක් සෑම ගිණුම් වර්ෂයක දී ම මේ ආකාරයට ගිණුම් ගත කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017