හිනවන ශේෂ ක්‍රමය
 

සරල මාර්ග ක්‍රමය යටතේ සමාන ක්ෂය ප්‍රමාණයක් වත්කමේ මුළු ජීව කාලය තුළ වාර්ෂික ව කපා හරිනු ලැබුවත් එය තර්කානුකූල නොවන බව ඇතැමුන්ගේ අදහසයි. එයට ප්‍රධාන හේතුව ඔවුන් දක්වා ඇත්තේ වත්කමක ජීව කාලයේ අවසාන භාගයේ දි එහි කාර්යක්ෂමතාව අඩු විමයි. එහෙයින් වත්කමේ ජීව කාලයේ මුල් භාගයේ දි වැඩි ක්ෂය ප්‍රමාණයක් ද අවසාන භාගයේ දි අඩු ක්ෂය ප්‍රමාණයක් ද කපා හළ යුතු ය. හීන වන ශේෂ ක්ෂය ක්‍රමය හදුන්වා දි ඇත්තේ ඒ තර්කය මත ය.

මේ ක්‍රමයේ දි වත්කමේ පිරිවැයෙන් එදිනට වු මුළු ක්ෂය ප්‍රමාණය අඩු කිරිමෙන් පසු ලැබෙන අගය පදනම් කර ගෙන, නිශ්චිත අනුපාතිකයකට අනුව ක්ෂය ප්‍රමාණය ගණනය කෙරේ. එලෙස වත්කමේ ජීව කාලයේ මුල් වර්ෂවල දි වැඩි ක්ෂය ප්‍රමාණයක් ද අවසාන වර්ෂවල දි අඩු ක්ෂය ප්‍රමාණයක් ද කපා හැරේ.

මෙහි දි ක්ෂය අනුපාතිකය පහත සදහන් සුත්‍රය භාවිතා කරමින් ගණනය කළ හැකිය.

මේ සුත්‍රය භාවිතා කරමින් ක්ෂය අනුපාතිකය ගණනය කෙරෙන ආකාරය නිදසුනක් ආශ්‍රයෙන් සලකා බලමු.

නි.ද. ව්‍යාපාරයක් යන්ත්‍රයක් රු 10 000කට මිලට ගෙන ඇත. එහි ඵලදායි ජිව කාලය ඇස්තමේන්තු කර ඇත්තේ අවුරුදු 4ක් ලෙස ය. සුන්බුන් අගය රු 1 296ක් ලෙස ය. මේ යන්ත්‍රය හීන වන ශේෂ ක්‍රමය මත ක්ෂය කිරිමට තිරණය කර ඇත. වාර්ෂික ක්ෂය ප්‍රමාණය ගණනය කරන ආකාරය සලකා බලමු.

මේ අනුව ඵලදායි ජීව කාලයට අදාළ වාර්ෂික ක්ෂය ප්‍රමාණය පහත සදහ් පරිදි ගණනය කළ හැකිය.

1 වන වර්ෂය                                                 රු
          පිරිවැය ... ...                                     10 000
          40% බැගින් ක්ෂය ප්‍රමාණය .              4 000
                                                                     6 000

2 වන වර්ෂය
          40% බැගින් ්ෂය ප්‍රමාණය                  2 400
                                                                     3 600

3 වන වර්ෂය
          40% බැගින් ක්ෂය ප්‍රමාණය.               1 440
                                                                     2 160

4 වන වර්ෂය
          40 % බැගින් ක්ෂය ප්‍රමාණය ...                 864
          සුන්බුන් අගය ...   ...                              1 296

(c) Shilpa Sayura Foundation 2006-2017