යම් වතකමක ක්ෂය කළ යුතු වටිනාකම එහි ජිව කාලය තුළ සමාන වාර්ෂික වටිනාකමකින් ක්ෂය කිරිම මේ ක්‍රමය මගින් සිදු වේ. ඒ අනුව යම් නිශ්චිත වර්ෂයකට අදාළ ක්ෂය ප්‍රමාණය පහත සදහන් පරිදි ගණනය කළ හැකිය.
වාර්ෂික ක්ෂය ප්‍රමාණය = වත්කමේ පිරිවැය - සුන්බුන් අගය
වත්කමේ ඵලදායි ජිව කාලය
නි.ද. ව්‍යාපාරයක් පිරිවැය රු 150 000ක් වු යන්ත්‍රයක් භාවිතා කරයි. ඒ යන්ත්‍රයේ ඵලදායි ජීව කාලය අවුරුදු 8ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ඇස්තමේන්තුගත සුන්බුන් අගය රු 30 000කි. ක්ෂය ගණනය කිරිම සදහා සරල මාර්ග ක්‍රමය භාවිතා කෙරේ නම් වාර්ෂික ක්ෂය ප්‍රමාණය පහතසදහන් පරිදි ගණනය කළ හැකිය.
වාර්ෂික ක්ෂය ප්‍රමාණය = 150 000 – 30 000
8
= රු 15 000
බොහෝ ව්‍යාපාර අදාළ ක්ෂය ප්‍රමාණය දක්වන්නේ වත්කමේ පිරිවැයෙහි ප්‍රතිශතයක් ලෙස ය. අදාළ ක්ෂය ප්‍රතිශතය පහත සදහන් පරිදි ගණනය කළ හැකිය.
ක්ෂය ප්‍රතිශතය = වාර්ෂික ක්ෂය ප්‍රමාණය × 100
පිරිවැය
ඒ අනුව ඉහත සදහන් නිදසුනේ ක්ෂය ප්‍රතිශතය පහත සදහන් අයුරු ගණනය කළ හැකිය.
ක්ෂය ප්‍රතිශතය = 15 000 × 100
150 000
= 10%
ක්ෂය ප්‍රතිශතය ඉහත සදහන් ආකාරයට පිරිවැයේ ප්‍රතිශතයක් මෙන් ම ක්ෂය කළ යුතු වටිනාකමේ ප්‍රතිශතයක් ලෙස ද දැක්විය හැකිය.