වත්කමක ක්ෂය කළ යුතු ප්රමාණය තිරණය කළ පසු ඒ ප්රමාණය කුමන පදනමක් මත වත්කමේ ජිව කාලය තුළ බෙදා හැරිය යුතු ද යන්න තිරණය කළ යුතු ය. මෙහි දි යොදා ගත යුතු තාර්කික පදනම වන්නේ වත්කමින් එක් එක් වර්ෂය තුළ උපදවන ආදායම් ප්රමාණයත් වත්කමේ අගය අඩු වන ප්රමාණයත් ඇසුරින් වාර්ෂික ක්ෂය ප්රමාණය තීරණය කිරිමයි. එහෙත් මෙලෙස වාර්ෂික ක්ෂය ප්රමාණය ඇස්තමේන්තු කිරිම ප්රායෝගික වශයෙන් බොහෝ විට අපහසු ය. එහෙයින් එය යම් යම් උපකල්පන පදනම් කර ගෙ ගණනය කෙරේ. ක්ෂය ගණනය කිරිම සදහා භාවිතා කෙරෙන ප්රධාන ක්රම කිහිපයක් පහත දැක්වේ.
- සරල මාර්ග ක්රමය
- හීන වන ශේෂ ක්රමය
- වාර්ෂික ක්රමය
- භාවිත ඒකක ක්රමය
ඉහත සදහන් ක්රම අතරින් බහුල ලෙස යොදි ගනු ලබන්නේ 1 වන ක්රමයත් 2 වන ක්රමයත් වේ.