යම් වත්කමක් සදහා ක්ෂය කළ යුතු ප්‍රමාණය යනුවෙන් අදහස් කෙරෙන්නේ එකි වත්කමේ පිරිවැයෙන්, වත්කම ඉවත් කිරිමේ දි ආපසු අය කර ගත නොහැකි ප්‍රමාණයයි. එනම් වත්කමේ මුළු පිරිවැයෙන් සුන්බුන් (අස්කොන්) වටිනාකම (scarp value) අඩු කළ විට ගැබෙන අගයයි. වත්කමේ ක්ෂය ප්‍රමාණය තිරණය කිරිමේ දි පහත සදහන් ප්‍රදාණ සාධක තුන බලපායි.
- වත්කම් පිරිවැය - වත්කම මිලට ගනු ලැබුවක් නම්,ඒ වත්කම ආයතනයේ භාවිතයට ගත හැකි මට්ටමකට පත් කිරිම දක්වා දරන ලද සියලු ම වියදම් එකි වත්කමේ පිරිවැය වේ. ගැනුම් මිල, ඒ සදහා ගෙවු බදු, ගෙන ඒමේ වියදම්, ස්ථාපනය කිරිමේ වියදම් යනාදිය වත්කම් පිරිවැයට ඇතුළත් වේ. වත්කම ව්‍යාපාරය විසින් ගොඩ නගන ලද්දක් නම්, දරන ලද ගොඩ නැගිම් පිරිවැය ඒ වත්කමේ පිරිවැය වේ.
- ඵලදායි ජීව කාලය - වත්කමක් ව්‍යාපාරයේ කාර්යය සදහා ඵලදායි ලෙස යොදවා ගත හැකි යැයි අපේක්ෂා කෙරෙන මුළු කාලය, එහි ඵලදායි ජීව කාලය (effective life) වේ. වත්කමක ඵලදායි ජීව කාලය එහි භෞතික ජිව කාලයට වඩා සාමාන්‍යයෙන් අඩු විය හැකිය. ඵලදායි ජිව කාලය ඇස්තමේන්තුවක් වන අතර එය රදා පවත්නේ කළමනාකරණ තිරණ මතය.
- වත්කමේ අවශේෂ වටිනාකම - වත්කමේ ජිව කාලය අවසානයේ දි උපලබ්ධ කර ගත හැකි මට්ටමක එහි අවශේෂ වටිනාකම (residual value) වන අතර එය බොහෝ විට වත්කමේ සුන්බුන් අගය වේ.