ව්‍යාපාරයක ඇති ස්ථාවර වත්කම්, ස්පෘශ්‍ය හා අස්පෘශ්‍ය වශයෙන් වර්ග දෙකකට බෙදා දැක්විය හැකිය. භෞතික පැවැත්මක් ඇති ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ (machiriery) යනාදිය ස්පෘශ්‍ය ස්ථාවර වත්කම් වශයෙන් කිර්තිනාමය, වෙළෙද ලකුණු (trade marks) යනාදි භෞතික පැවැත්මක් නැති වත්කම් අස්පෘශ්‍ය ස්ථාවර වත්කම් වශයෙන් ද හදුනා ගතහැකිය. ක්ෂය කළ හැකි ස්පෘශ්‍ය ස්ථාවර වත්කම් මොනවා ද යන්න ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 08හි පහත සදහන් පරිදි දක්වා ඇත.
- වර්ෂයකට වැඩි කාලයක් භාවිතා කිරිටෙම් අරමුණින් මිලට ගනු හෝ ගොඩනගනු හෝ ලැබුවා වු ද
- සාමාන්‍යයෙන් ස්ථිර පරිහරණය සදහා යොදා ගැනෙන්නාවු ද
- සිමිත ජීව කාලයක් සහිත වුද
- නිෂ්පාදන කටයුතු සදහා හෝ භාණ්ඩ හා සේවා සැපයිමේ අරමුණින් හෝ අන් අයට බදු දීමේ අරමුණින් හෝ පරිපාලන කටයුතු සදහා භාවිතයට හෝ මිලට ගනු ලැබු නැතහොත් වත්කම් සහ ඒ වත්කම් පවත්වා ගෙන යාමේ අරමුණින් මිලට ගනු ලැබුවා වු ද වත්කම්, ක්ෂය කළ හැකි වත්කම් යන්නට ඇතුළත් වේ.
මේ පරිච්ඡේදයේ ඉදිරි කොටසේ දි සාකච්ඡා කෙරෙන්නේ ඉහතසදහන් කොන්දේසිවලට යටත් වන ස්ථාවර ස්පෘශ්‍ය වත්කම් ක්ෂය විම සම්බන්ධයෙන් පමණි.