ස්ථාවර වත්කම් ක්ෂය ගිණුම්ගත කිරිමේ අවශ්‍යතාව
 

ස්ථාවර වත්කම්වලට අදාළ ක්ෂය ගිණුම්ගත කිරිමෙන් පහත සදහන් අරමුණු ඉටු කර ගත හැකිය.

  • යම් ගිණුම් කාලච්ඡේදයකට අදාළ ලාභය නිවැරදිව හදුනා ගැනිම


යම් ගිණුම් කාලච්ඡේදයක ලාභය ගණනය කිරිමේ දි ඒ කාලච්‍ඡේදයට අදාළ සියලු ම ආදායම් හා වියදම් හදුනා ගෙන, ඒා ගිණුම්ගත කළ යුතු ය. ලාභ ඉපැයිම සදහා ස්ථාවර වත්කම් සාමාන්‍යයෙන් යොදා ගැනේ. එසේ උපයෝගි කර ගනු ලබන ස්ථාවර වත්කම්වල ක්ෂය විම වියදමක් ලෙස හදුනා ගැනෙන නිසා එය සැලකිල්ලට ගැනිමෙන් ලාභය නිවැරදිව ගණනය කළ හැකිය..

  • ස්ථාවර වත්කම්වල සැබෑ වටිනාකම දැක්විම


ක්ෂය වීම නිසා ස්ථාවර වත්කම්වල වටිනාකම අඩු වෙයි. එලෙස සිදුවන අගයේ අඩුවිම ගිණුම්වල නොදැක්වේ නම් ගිණුම්කරණ තොරතුරු සාවද්‍ය වේ. එහෙයින් ස්ථාවර වත්කම්වල නිවැරදි අගය දැක්විම සදහා ක්ෂය අඩු කළ යුතු ය.

  • ස්ථාවර වත්කම් ප්‍රතිස්ථාපනය කිරිම


ස්ථාවර වත්කමත් ඵලදායි ජීව කාලය අවසානයේ දි ඉවත් කර, එය වෙනුවට ඒ සමාන වෙනත් වත්කමක් ප්‍රතිස්ථාපනය කිරිමට (replacement) සිදු වේ. එහෙත් මුලින් මිලට ගත් වත්කම වෙනුවෙන් ක්ෂය වෙන්කර නැති අවස්ථාවක දි ව්‍යාපාරයේ හිමිකරුවන් මුළු ලාභය ආපසු ගත හොත් ස්ථාවර වත්කම වෙනුවෙන් යොදවන ලද අරමුදල ද ලාභය ලෙස ව්‍යාපාරයේ හිමිකරුවන් අතට පත් වෙයි. එසේ පත්විම නිසා ආයතනයේ යොදා ඇති ප්‍රාග්ධනය අඩු වන අතර කලින් තිබු ස්ථාවර වත්කම ප්‍රතිස්ථාපනය කිරිමට අවශ්‍ය අරමුදල් හිග වේ. ලාභය ගණනය කිරිමේ දි ක්ෂය වෙන් කර ඇත් නම් නව වත්කම මිලට ගන්නා විට එසේ වෙන් කර ඇති අරමුදල ඒ සදහා ප්‍රයෝජනයට ගත හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017