ස්ථාවර වත්කම් ක්ෂය හා අදාළ ගිණුම්
 

ව්‍යාපාර සංවිධානයක් එහි ව්‍යාපාර කටයුතු කර ගෙන යාම සදහා විවිධ වත්කම් උපයෝගි කර ගනි. යම් වත්කමක පරිහරණ වටිනාකම (use value) යම් ගිණුම් කාලච්ඡේදයක් තුළ දි සම්පුර්ණයෙන් ම අවසන් වේ නම් එහි පිරිවැය ඒ කාලච්ඡේදය තුළ දි ම අයභාර වියදමක් ලෙස කපා හැරේ. එහෙත් පරිහරණ වටිනාකම එක් ගිණුම් කාලච්ඡේදයක් තුළ දි අවසන් නොවන ස්ථාවර වත්කම්වල අගය ඒ කාලච්ඡේදය තුළ දි ම ආදායමට එරෙහිව මුළුමනින් ම කපා හළ නොහැකිය. එයට හේතුව ඒ වත්කම්, ව්‍යාපාර කටයුතු සදහා ඉදිරි ගිණුම් කාලච්ඡේද ගණනාවක් තුළ දි යොදා ගත හැකි විම යි. එයට හේතුව ඒ වත්කම්, ව්‍යාපාර කටයුතු සදහා ඉදිරි ගිණුම් කාලච්ඡෙද ගණනාවක් තුළ දි යොදා ගත හැකි විමයි. එහෙයින් එකි වත්කමක් සදහා දරන පිරිවැය ඒ ත්කම් භාවිතා කෙරෙන ඵලදායි ජීව කාලය තුළ ආදායමට එරෙහිව කපා හැරිම මගින් ලාභය වඩා පැහැදිලි ලෙස නිරූපණය කෙරෙනු ඇත. මෙලෙස යම් ස්ථාවර වත්කමක පිරිවැයෙන් ඒ වත්කමේ ඵලදායි ජීව කාලය ුළ දි එක් එක් ගිණුම් කාලච්ඡේදයේ ආදායමට එරෙහි ව වියදමක් ලෙස කපා හැරෙන ප්‍රමාණය ක්ෂය (depreciation) යනුවන් හැදින්වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017