ශේෂ පත්‍රය
 

යම් නිශ්චිත දිනකට ව්‍යාපාරයේ මුල්‍ය තත්ත්වය පෙන්නුම් කිරිම සදහා ව්‍යාපාරයේ වත්කම්, වගකිම්, ප්‍රාග්ධනය යන මේවා ඇතුළත් කරමින් පිළියෙළ කෙරෙන මුල්‍ය ප්‍රකාශය ශේෂ පත්‍රය යනුවෙන් හැදින්වේ. යම් දිනකට ව්‍යාපාරය සතු සම්පුර්ණ වත්කම් ප්‍රමාණය, එහි සංයුතිය, ඒ වත්කම් ලබා ගැනිම සදහා අයිතිකරු සපයා ඇති ප්‍රාග්ධනය හෝ බාහිර වශයෙන් ලබා ගෙන ඇති ණය මුදල්, ව්‍යාපාර සතු ද්‍රවශිල වත්කම් (liquid assets) ප්‍රමාණය ව්‍යාපාරයේ සම්පුර්ණ වගකිම් ප්‍රමාණය, එහි සංයුතිය යනාදිය පිළිබද තොරතුරු ශේෂ පත්‍රයෙන් හෙළි වේ. ඒ තොරතුරු පදනම් කර ගෙන ව්‍යාපාරයේ මුල්‍ය තත්ත්වය පිළිබද අවබෝධයක් ලබා ගත හැකිය.

මුල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරිම සදහා ආදායම් ගිණුම්වලත් වියදම් ගිණුම්වලත් ශේෂ, වෙළෙද හා ලාභලාභ ගිණුමට මාරු කිරිමත් සමග ම එකි ගිණුම් වැසි යයි. එයින් පසු ලෙජරයේ ඉතිරි වන්නේ වත්කම් ගිණුම් ද වගකීම් ගිණුම් ද ප්‍රාග්ධන ගිණුම් ද පමණි. එකි ගිණුම්වල ශේෂ ඉදිරිපත් කෙරෙන්නේ ශේෂ පත්‍රය මගිනි.

මේ ශේෂ පත්‍රය ප්‍රකාශයක් වුවත් එය සාම්ප්‍රදායික ව පිළියෙළ කෙරෙන්නේ ගිණුමක ස්වරූපයෙනි. එහි වම් පැත්තේ ප්‍රාග්ධනය හා වගකිම් ගිණුම්වල ශේෂ ද දකුණු පැත්තේ වත්කම් ගිණුම්වල ‍ශේෂ ද දැක්වේ. ශේෂ පත්‍රයේ වත්කම්, ස්ථාවර වත්කම් හා ජංගම (current) වත්කම් යනුවෙන් පෙන්නුම් කෙරේ. දකුණු පැත්තේ මුලින් ම සටහන් කෙරෙන්නේ ස්ථාවර වත්කම් ය. දිගුකාලින පැවැත්මක් ඇති, නැවත විකිණිමේ පරමාර්ථයෙන් නොගත්, ව්‍යාපාර කටයුතු සදහා ප්‍රයෝජනයට ගනු ලබන වත්කම්, ස්ථාවර වත්කම් යටතේ මුලින් ම සටහන් කෙරේ. ක්ෂය නොකෙරෙන වත්කම් පිරිවැයට ද ක්ෂය කෙරෙන වත්කම් ඒ එක් එක් වත්කමේ පිරිවැයෙන් සමුච්චිත ක්ෂය (මේ දක්වා ක්ෂය කරන ලද ප්‍රමාණය) අඩු කිරිමෙන් පසු ලැබෙන ශුද්ධ වටිනාකමට ද පෙන්නුම් කෙරේ.

ස්ථාවර වත්කම්වලට පහළින් සටහන් කෙරෙන්නේ ජංගම වත්කම් ය. මුදල් ද කෙටි කාලයක් තුළදි මුදල්බවට පරිවර්තනය කර ගැනිමේ පරමාර්ථයෙන් ව්‍යාපාර කටයුතු සදහා යොදා ගැනෙන බඩු තොග, ණය ගැතියෝ යනාදි වත්කම් ද ජංගම වත්කම් ලෙස සැලකේ. ජංගම වත්කම් ශේෂ පත්‍රයේ පෙළගැස්වීමේ දි ඒවායේ ස්ථාවර භා‍වයේ අනුපිළිවෙළ පදනම් කර ගැනේ. ඒ අනුව ජංගම වත්කම් යටතේ මුලින් ම දැක්වෙන්නේ භාණ්ඩ තොග වන අතර අවසානයේ දි දැක්වෙන්නේ අතැති මුදල් ය. මෙසේ ස්ථාවර වත්කම් හා ජංගම වත්කම් ඒවායේ ස්ථාවර භාවයේ අනුපිළිවෙළ මත දැක්විම වැඩි වන ද්‍රවශිලතාව - (liquidity) - ද්‍රවශිලතාව යනු වත්කමක් මුදල් බවට පරිවර්තනය කර ගැනිමේ ශිඝ්‍රතාව - අනුව වත්කම් පෙළගැස්විමක් යනුවෙන් ද හැදින්විය හැකිය.

අයිතිකරුගේ ප්‍රාග්ධනය ශේෂ පත්‍රයේ වම් පැත්තේ මුලින් ම සටහන් කෙරේ. එයට පහළින් දැක්වෙන්නේ වගකීම් ය. දිගුකාලින, කෙටිකාලින, හෙවත් ජංගම වශයෙන් දෙයාකාරයකට වර්ගකර, ශේෂ පත්‍රයේ සාමාන්‍යයෙන් දක්වනු ලැබේ. මුලින් ම දැක්වෙන්නේ දිගුකාලින වගකිම්, එනම් වර්ෂයකට වැඩි කාලයක් තුළ දි ගෙවිය යුතු වගකිම් ය. ඊ ළගට දැක්වෙන්නේ ඉදිරි වර්ෂ තුළ දි ගෙවිය යුතු ජංගම වගකිම් ය. එකි වගකිම් පෙළගස්වනු ලබන්නේ ඒවා ගෙවා නිම කිරිමට ගත වන කාලය පදනම් කර ගෙන ය.

ලක්ෂ්මන් වික්‍රමසිංහගේ ව්‍යාපාරයේ පොත්වලින් 1994.12.31 දිනට උපුටා ගන්නා ලද ශේෂ පිරික්සුම පහත දැක්වේ.

විස්තරය

හර

බැර

 

විකුණුම්
විවිධ ණය හිමියෝ:
    ජයසේන සහ සමාගම
   හසිත ව්‍යාපාරිකයෝ
ගැනුම්
විවිධ ආදායම්
බැංකු ණය
ලැබු කඩ කුලි
සින්නක්කර ඉඩම් හා ගොඩනැගිලි පිරිවැයට
යන්ත්‍රෝපකරණ - පිරිවැයට
මෝටර් වාහන - පිරිවැයට
ලැබු වට්ටම්
ප්‍රචාරණය
ආපසු එවුම්
ආපසු යැවුම්
විකුණුම් අංශයේ වැටුප්
ගෙන ඒමේ කුලි
ගෙන යාමේ කුලි
විවිධ ණය ගැතියෝ :
   ජයලත්
   සේනක
   ජානක
විදුලිය
රක්ෂණ ගාස්තු
බොල් ණය
අඩමාන ණය සදහා වෙන් කිරිම - 1994.01.01
කාර්යාලිය වියදම්
වැටුප් හා වේතන
විකුණුම් වියදම්
ගැනිලි
ක්ෂය සදහා වෙන්කිරිම් - 1994.01.01
  -ඉඩම් සහ ගොඩනැගිලි
  -යන්ත්‍රොපකරණ
  -මෝටර් රථ
වරිපණම්
බැංකු ශේෂය
අතැති මුදල්
බඩු තොගය 1994.01.01
ප්‍රාග්ධනය

රු

 

 

  56 000

 

245 000
125 000
175 000

    9 800
       800
   
    4 500
    4 300
    2 500

       600
    2 200
    5 000
    2 000
    8 800
       700

    9 150
  16 800
    3 100
      800

 

    3 800
    4 200
       600
  10 800

රු
178 000

  18 000
  20 000

    3 300
  20 000
    3 400

 

    3 200

 

    1 600

 

 

 

 

 

    1 300

 

    5 000
  12 500
  25 000

 

 

400 000

691 450

691 450

පහත සදහන් අතිරේක තොරතුරු ද සපයා ඇත.

  1. 1994.12.31 දිනට බඩු තොගය 20 000ක් ලෙස තක්සේරු කර ඇත.
  2. ණය ගැතියකු වු ජයලත්ගෙන් ලැබිය යුතු ණය මුදල වු රු 1 500ක් වු රු 600 අය කර ගත නොහැකි බව පෙනි ගිය හෙයින් බොල් ණය ලෙස කපා හැරිමට තීරණය කර ඇත.
  3. විකිණිමට ඇති භාණ්ඩවලින් පිරිවැය රු 1 500ක් වු භාණ්ඩ ව්‍යාපාරය අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනය සදහා ගෙන ගොස් ඇත. මේ පිළිබද ව කිසි ම සටහනක් පොත්වල තබා නැත.
  4. ජයසේන සහ සමාගමෙන් රු 5 000කට මිලට ගත් භාණ්ඩවලට අදාළ ඉන්වොයිසිය අස්ථානගත විම නිසා ගනුදෙනුව පිළිබද කිසිවක් ගිණුම් පොත්වල සටහන් වි නැත. එසේ වුවත් ඒ භාණ්ඩවල වටිනාකම අවසාන තොගයට ඇතුළත් ව ඇත.
  5. 1994.12.31 දිනට වර්පණම් සදහා රු 1 200ක් ද විදුලිය සදහා රු 200ක්ද ගෙවිය යුතුව ඇත.
  6. බැංකු ණය ලබා ගෙන ඇත්තේ 1994.09.30 දින වන අතර ඒ සදහා අදාළ වාර්ෂික අනුපාතිකය 18%ක් වේ. අදාළ ණය පොළිය 1994.12.31 දින තෙක් ගෙවා නොතිබිණි.
  7. ස්ථාවර වත්කම් ක්ෂය කරන්නේ පහත සදහන් ආකාරයට ය.

ඉඩම් හා ගොඩනැගිලි සරල මාර්ග ක්‍රමය මත වාර්ෂික ව 5% යන්ත්‍රෝපකරණ සරල මාර්ග ක්‍රමය මත වාර්ෂික ව 10% මෝටර් වාහන හීන වන ශේෂ ක්‍රමය මත වාර්ෂික ව 20%

‍8. ඉදිරි වර්ෂය සදහා කරන ලද ගෙවිම් පහත දැක්වේ.
රක්ෂණ රු 600
ප්‍රචාරණය රු 500

  1. අඩමාන ණය සදහා වෙන් කිරිම ණය ගැතියන්ගෙන් 10%ක් ලෙස පවත්වා ගෙන යාම ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය යි.

ඉහත සදහන් කරුණු ඇසුරින්

1. ගැළපුම් සටහන් ගිණුම්ගත කිරිමට අවශ්‍ය ජ’නල සටහන් හා ගැළපුම් සටහන් ඇතුළත ලෙජර් ගිණුම් ද
2. ලෙජරයේ ඇති තාවකාලික ගිණුම් පියවිමේ ජ’නල සටහන් ද
3. 1994.12.31 දිනෙන් අවසන් වර්ෂය සදහා වෙළෙද හා ලාභලාභ ගිණුම් ද
4. 1994.12.31 දිනට ශේෂ පත්‍රය ද පිළියෙළ කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017