ව්‍යාපාරයේ ශුද්ධ ලාභය ගණනය කිරිමට පෙර දළ ලාභය (gross profit) ගණනය කිරිම වැදගත් වේ. විකුණුම් ආදායමත් විකුණු භාණ්ඩවල පිරිවැයත් අතර වෙනස දළ ලාභය යනුවෙන් හැදින්වේ.
ව්‍යාපාරයක විකුණුම් මිත, විකුණුම් මිශ්රය යනාදි ලාභදායිත්වයට බලපාන කරුණු පිළිබද තීරණ ගැනිම සදහා බෙහෙවින් ඉවහල් වන දළ ලාභය ගණනය කරන්නේ වෙළෙද ගිණුම මගිනි. වෙළෙද ගිණුම සකස් කිරිම සදහා පහත සදහන් ගිණුම්වල ශේෂ සාමාන්‍යයෙන් උපයෝගි කර ගනු ලැබේ.
- විකුණුම්
- ගැනුම්
- තොග ගිණුම (ආරම්භක)
- මිලට ගැනිමට අදාළ සෘජු වියදම් (ගෙන ඒමේ කුලී, ආනයන තිරු බදු යනාදිය)
- ආපසු එවුම්
- ආපසු යැවුම්
ඉහත සදහන් කළ ගිණුම්වල ශේෂ වෙළෙද ගිණුමට මාරු කිරිම ජ’නල සටහන් මගින් කරනු ලබන අතර ඒවා හැදින්වෙන්නේ පියවීමේ ජ’නල සටහන නමිනි. වෙළෙද ගිණුම සකස් කිරිමේ දි ඉහත තොරතුරුවලට අමතර ව කාලච්ඡේදය අවසානයේ ඇති ඉතිරි බඩු තොගයේ වටිනාකම ද ඇතුළත් කළ යුතු ය. තොගයේ තක්සේරු කරන ලද වටිනාකම වත්කමක් ලෙස තොග ගිණුමේ ඇතුළත් විය යුතු අතර එය ද්විත්ව සටහන් මගින් ගිණුම්/. කෙරෙන්නේ වෙළෙද ගිණුම ගිළියෙළ කෙරෙන අවස්ථාවේදි ය.